2011-07-22

@...පිඩියා සහ උන්මාදය...@



  • හායි මෙයාලා...! මම ඊයෙනෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ.පලමු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර කොහොමෙයි කියලා බලන්න උදෙම කුකුළත් කරේ තියාගෙනම Dashboard  එකට රිංගුවා.මෙන්න බොලේ මගේ කුජීත බ්ලොග් කෙරුවාවට කොමෙන්ටු 14,Follow 7 .අප්පටසිරි වෙයි.කජු ඇටද කොස් ඇටද? සමහරක්ටනම් මේ ගාන (චූපිං)වෙන්න ඇති.මට නං දෙයියම්පා වටිනවා බොලවු..



ඊයේ ඉදන් මාත් එක්ක එකතු වුන,එකතු වෙන අයට බොක්කෙන්ම ස්තුතිය පුදකරනවා.අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් කියලා ටොක්ස් එකකුත් තියනවානේ.එහෙම වෙන්න එපා හොදේ.මේ චූ කොල්ල පව්නේ.මම විශ්වාස කරනවා තවත් ගැන්සිය මාත් එක්ක අත් වැල් බැද ගනි කියලා (ලවු කරන්න නෙමෙයි බොලවූ)


බොලාල දන්නවද මම තාම මගේ බ්ලොග් හෑල්ල සින්ඩි වලට දාගන්න දගලනවා.හරිම කම්මැලි වැඩක් අෆ්ෆා.......


අනන්ත ප්‍රේම ප්‍රාර්තනා හිතින් දරා එමු
සලා පවන් නෙතින් සිනා සෙමු
සුපෙම් කැලුම් ගලා නොයන්න නෙතු වසා ගමු
ප්‍රේම සප්නයේ රෑදි ඉමු.//


ගෙවා ඈත දුර මාවතේ
ඇදී යාවි පවනක් ලෙසේ...//
නිවා ජිවිතේ
රෑදි මාවෙතේ
කියා දෙන්න ස්නේහේ සුවේ....
                                                                                            (චන්ද්‍රලේකා ආන්ටි)


මේ සින්දු කැල්ල මෙතනට අදාලම නෑ.අදාල කරගන්නත් එපා හොදේ.මොකද ඔය සින්දුව කම්මැලි කම නිසා මම අහපු සින්දුවක්.පට්ට සින්දුවක් හින්දැයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ.
එන්න එන්නම බ්ලොග් කරණයට ඇදිලා ඇදිලා යනවා වගේ.යන්න යන්න.මගේ පර්ස් එකේ තියන ගානට තට්ටු වෙනකොට ඇඩෙනව තනි ඇහැට.."ජිවිතේ මල් අපේ අම්ම ඉන්නකල්".කියන සින්දු කැල්ලේ තේරුම එතකොට තමයි මේ පිඩි මොලේට ටාර් ගාල දැනෙන්නේ.ඔයාලට එහෙම වෙන්න ඇති.


මට තියනවා මහා කැත පුරුද්දක්.(කිවුවට කමක් නැද්ද මන්දා).ඕනම දේකට ආසාව තියන්නේ උපරිම සතියයි.මට බයයි මේ බ්ලොග් කෙරුවාටත් කනකොකා උම් බෑ කියයිද කියලා.
එහෙනං දැන් ඇති තව ලියන්න ගියොත් මේ පිඩියා මොනා ලියයිද දන්නේ නෑ...
ඒක හින්දා ඊළග පොස්ට් එකෙන් නැවත හමුවෙමු.
එන්නං
බායි.... 
 

5 කට ආසන්න ප්‍රතිචාර:

තිස්ස දොඩන්ගොඩ said... Reply To This Comment

"මට තියනවා මහා කැත පුරුද්දක්.(කිවුවට කමක් නැද්ද මන්දා).ඕනම දේකට ආසාව තියන්නේ උපරිම සතියයි..."
මේකෙත් ඒ හැටි වරදක් නෑ මලයෝ... ගොඩක් දේවල් අත්හදා බලාලා ඔබට ගැලපෙනම දේවල් ජීවිතේට එකතුකරගන්න අවස්ථාවක් ඒකෙන් ලැබෙයි නේද..?
මොනවා වුනත් සිංහල බ්ලොග් අවකාශේ ඉන්න වෙලාවට අපි එන්නම් ඇවිත් යන්න...
ජයවේවා...

සංකල්ප said... Reply To This Comment

ඔන්න ඔය නරක පුරුද්ද තමයි අතෑරගන්න ඕනේ. ආසාවක් ඇති උනාම දිගටම ලියන්න ගනියි :)
අපි ඒ ආසාව එන්න කියලා පතන්නම් !!!!

nihal said... Reply To This Comment

ලියමු ලියමු. අපිත් ඉන්නවා. ඒත් මොකද්ද බොල මේ නම ? මී හරක් පීඩියා?

මි හරක් පිඩියා said... Reply To This Comment

තිස්ස දොඩන්ගොඩ@ බොහොම ස්තුතියි අයියේ....
ඔයාගේ උපදෙස් වලට.දිගටම රෑදි ඉන්න..

මධුරංග@ මෙහෙම ප්‍රතිචාර ලැබෙන කොට කැත පුරුදු චුත වෙයි කියලා මටත් හිතෙනවා.

nihal@ කොමෙන්ටුවට තැන්ක්ස්...
මි හරක් පිඩියා කියලා නම තියන්න හේතු වුන සීන්කෝන් එකක් තියනවා.දිගටම රෑදි ඉන්නකො...

නදී said... Reply To This Comment

මටත් ඔහොම හිතෙනව.ගොඩක් දේවල් ටික කාලයක් යද්දි එපා වෙනව.ඒවලට ආසාව නැතිව යනව.මම් හිතන්නෙ ඒක තමා මෙ ලෝකෙ ස්භාවය.ලියන්න හිතෙන වෙලාවට ලියන්න.

Post a Comment