2011-07-26

කම්බි ගහලා ඕයි..........!!!


සුබ සැන්දෑවක්.මම මේක ලියන්න හිතුවේ ඊයේ හවස ඉදන්.පාසල් වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල උනා.දැන් ඉඩක් ලැබුන නිසා බ්ලොගිය පැත්තේ එන්න හිතුනා.

අද මම කියන්න යන්නේ අපේ ගමේ දෙයක් ගැන.අපේ ගමේ තිබුනා සැලකිය යුතු ප්‍රමානයේ ලොකු පිට්ටනියක්.අපි පොඩි කාලේ ඉදන් සරුංගල් යැවුවේ,බයිසිකල් පැද්දේ, දාන හැම සෙල්ලමක් ම දැම්මේ මේ පිට්ටනියේ තමයි. අවුරුදු 15කටත් කලින් ඉදන් ගමේ කොල්ලො කුරුට්ටෝ ටික සෙල්ලමට සෙට් උනේ මේ පිට්ටනියටයි. අද වෙනකොට සීමා ලකුණු කොරලා.කටු කම්බි ගහලා.සැරින් සැරේ කම්බි ගැහුවත් ඒවා කඩා දාලා අපි පිට්ටනිය නිදහස් කර ගත්තා.සිත්සේ වටපිටාව දෙවනත් වෙන්න සංගිත සංදර්ශන (ජන්ද කාලෙට)පවා පැවැත් වුනේ මේ පිට්ටනියේ තමයි.පොඩි කාලයේ පිට්ටනිය අපේ කියා සිතුවත්,සැරි සැරේ කටු කම්බි ගැසිම නිසා කවදා හෝ දිනක අපි සැමටම මේ පිට්ටනිය නැතිවි යන බව අපි  දැන සිටියා.


ඉස්සර ඉස්කෝලේ ඇරලා ගෙදර ආපු ගමන් දුවන්නේ පිට්ටනියට තමයි.ගමේ සමහර ලමයි පාසල් යන්නේ නෑ.එක නිසා මම යනකොටත් සෙල්ලමට ගමේ කොල්ලො සුදානමෙන්.මම නැතිව උන්ට සෙල්ලම් කරන්න බෑ.මොකද බැට් එකයි,බෝලෙයි තියෙන්නේ මං ගාවනේ.
අපේ සෙට් එකට ප්‍රශ්නයක් ආවත් සෙට් වෙන්නේ පිට්ටනියේ අයිනේ තියන මාර ගහ ලගට තමයි.මාර ගහ අපේ කතා කොච්චර නම් අහගෙන ඉන්න ඇද්ද?ඒ විතරක් ඇ....හවසට පොඩි පොඩි ෆන් ගන්න සෙට් වෙන්නේත් ඔය මාර ගහ මුලටම තමයි.ඒවා දන්නෙත් ඉතින් මාර ගහම තමයි.

තවත් සමහරු අලුතින්ම ගත්ත වාහනේත් පාරට දාන්න කලින් දාන්නේ පිට්ටනියට තමයි.වෙන මොහොකටවත් නෙමෙයි.පුරුදු වෙන්න. අද වන විට එයද කටු කම්බි ආක්‍රමණය කර ඇත.තව ටික කලකින් පිට්ටනිය තුල ගෙවල් හදයි කියලා මට හිතෙනවා.


ගෙවල් හදන එක මම වැරදියි කියන්නේ නෑ.එත් කාලයක් තිස්සේ වැඩි දෙනෙකුගේ ආදරය රැදි තියෙන මේ පිට්ටනියම තෝරා ගත්තේ ඇයි දැයි මගේ සිතේ හට ගන්නා කුතුහලයයි.

අයිති කාරයෝ හිටියත් නැතත්, පිට්ටනිය මම ගෙදර ගෙනියන්නේ නැතත්  මම පිට්ටනියට අදටත් ආදරෙයි.............

15 කට ආසන්න ප්‍රතිචාර:

ගිනි කුරුල්ලා said... Reply To This Comment

මුලින්ම කියවන්නේ මමද කොහෙද.. :)
අපි කාගේත් අතීතය සුන්දරයි.ඒ කාලේ සමහර වෙලාවට එපා උන දේවල් දැන් මතක් වෙනකොට ආස හිතෙනවා.ඒ කාලේ ගොඩක් ආස දේවල් දැන් මටක් වෙනකොට තව ආස හිතෙනවා..

෴ වේලාව ලගයි ෴ said... Reply To This Comment

හ්ම්..... අපේත් "පිට්ටනිය" ඔය ව්දිහට හැදුවා.. අන්තිමට එක නමට.. පිට්ටනියක් වේලා ගෙවල් ..ට්කක් හැදුනා අන්තිමට එ පිට්ටනියේ ගෙවල් හදපු.. එවුන් ground ake රෙදි .. !! වැටවල් ගහලා රෙදිත් එල්ලුවා ඔන්න ඉතින් රටේ හැට්.....!!!

මි හරක් පිඩියා said... Reply To This Comment

ආගන්තුකයා@ මුලින් හෝ අවසානයේ ආවත් කමක් නෑ....
කියවා ප්‍රතිචාරයක් දිමට සිතුන එකට බොහොම ස්තුතියි..

මි හරක් පිඩියා said... Reply To This Comment

වේලාව ලගයි@ මොනා කරන්නද.. රටේ හැටි කියලා හිත හදා ගන්නවා මිසක්......

කිඩෝ said... Reply To This Comment

ඔව්වා ඔහොම තමයි බන් මොනවා කරන්නද...

Anonymous said... Reply To This Comment

මං හිතන්නෙ රට දියුණු වෙනව වෙන්නැති, මක්කෙය් කොරන්නෙ ඉතින්?

සුමින්ද said... Reply To This Comment

ජනගහනය වැඩිවෙනකොට ඇතිවෙන අතුරු ප්‍රශ්න තමයි ඕවා.

"මි හරක් පිඩියා" හරි අපූරු නමක් නොවැ...! :)

සංකල්ප said... Reply To This Comment

අපේ ගෙවල් ලඟ තියෙන පිට්ටනියත් ඔහොම කම්බි වැටවල් ගහලා.
කාටවත් යන්න දෙන්නේ නෑ. අඩුමගානේ පොඩි එකෙක්ට සෙල්ලමක් කරන්නත් තහංචි.
මුං මුකොට මේවා කරනවද මන්දා. මැරෙනකොට ගෙනියන්න වෙන්ටෑ.
හාකෝ. ගෙනියපංකෝ !!!!!

Unknown said... Reply To This Comment

අනේ මොනවා කරන්නද ..අපේ රට දියුණු වෙනවා(ලු) නේ...

නාකියා said... Reply To This Comment

යකෝ අපේ කනත්තට තාප්ප බදින එකේ ඕවත් වැඩද ?
විකාරම තමා... පිස්සු *ක්කු---(* = ය)

මි හරක් පිඩියා said... Reply To This Comment

කිඩෝ@..කරන්න දෙයක් නැ තමයි.හිතේ දුකට ලියන්න හිතුනේ..

Observer@..බොහොම ස්තුතියි ප්‍රතිචාරයට..

සුමින්ද@ බොහොම ස්තුතියි අයියේ.නම ලස්සනයි නේද.

මි හරක් පිඩියා said... Reply To This Comment

මධුරංග@..ගෙනියපංකො...කවදා හරි ඇතිවෙන්නෙ නැතැ...

ChammA@..ඒකනම් ඇත්ත.ආසියාවේ ආශ්චර්ය නොවැ මේ...

නාකියා@..බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

Dinuka Harshana said... Reply To This Comment

අපේ ගෙවල් ළග පිට්ටනියට නම් කොච්චර කම්බි ගැහුවත් වැඩක් නෑ ටික දවසකින් කම්බ් කොහෙද දන්නේ නෑ.කොච්චර කැඩුවත් ආයෙත් කම්බි ගහනවා මොනවා කරන්නද අපි ආයෙත් කඩනවා..අපරාදේ කම්බි වලට යන සල්ලි..

මි හරක් පිඩියා said... Reply To This Comment

♣ආසියා♠ (♥AseS♦)@..අපිත් ඔය සෙල්ලමම දදා තමයි හිටියේ.ඒත් හැමදාම ඒ සෙල්ලම කරන්න ලැබුනේ නෑ...කොමෙන්ටුවට තැන්ක්ස්.

චතුර.... said... Reply To This Comment

මෙහේ පිට්ටනියක් කියා පිට්ටනියක් ඇත නමට.. ඒකේ ඉතින් සෙල්ලම් කරන්න පුළුවන් පොඩි උන්ට තමයි..

Post a Comment