2011-07-30

ආධුනියෙකුගේ අදහස්..


 කොහොමද.අලුත් මුහුණක් සමග වෙනස් වන්නට සිතුනා. මේ වෙනස් විමටත් එක්තරා හේතුවක් තියනවා.මම මේ දවස් වල බ්ලොගි වල කරක් ගහන කොට ආදුනිකයන්ට උපදෙස් බ්ලොග් කිහිපයකම දක්නට ලැබුනා.මා අන්තිමට ගොඩ වුනේ රාජ්ගේ නවාතැන ටයි.ඒ අයියත් ආදුනියන්ට හොද උපදෙස් මාලාවක් දී තිබෙනවා.මමත් තවම ආදුනිකයෙක් නේ.
මා දන්නෑ ආදුනියෙක් වශයෙන් බ්ලොග් අවකාශයේ කොතෙක් කල් සිටිය යුතුද කියා.මේ මාසය තුල ගොඩාක් පිරිස මා ඇතුලුව බ්ලොග් අවකාශයට සේන්දු වන සැටි ඔබ දකින්න ඇති.
ඒ සැම කෙනාටම (මා ඇතුලුව) බ්ලොග් අවකාශයේ රෑදි සිටිමටත් අපහසු බව මා දන්නවා.බ්ලොග් අවකාශයේ පල පුරුදු පුද්ගලයින් අප වැනි ආදුනිකයන් සදහා ඔවදන් නිතර ලබා දිය යුතුය යන්න මගේ මතයයි.මන්ද නැතිනම් අලුතින් බ්ලොගියක් අටවා බ්ලොග් අවකාෂයට ඇතුලුවන අප වැනි පුද්ගලයන් ආ පයින්ම බ්ලොගියත් හකුලා ගෙන ගෙදර යාමට සිදුවනු ඇත.
රාජ්ගේ නවාතැන පවසන අන්දමට නම් බ්ලොගියේ අන්තර් ගතය මිස බ්ලොගියේ අඩංගු වර්ණය, ගැජට් ප්‍රමාණය අනුව බ්ලොගිය ජනප්‍රිය නොවන බවය.

ආදුනිකයෙක් වශයෙන් මා ආදුනිකයන්ට කිවහැක්කේ මෙයයි.
බ්ලොගියේ අන්තර් ගතය පිළිබද දෙවරක් සිතන්න.පොස්ට් එකක් දාන්නම් වාලේ දැමීමෙන් වලකින්න.
දාන්න දෙයක් නැතිනම් නොදා ඉන්න.
බොරු දේවල් දැමිමෙන් ඔබගේ බ්ලොගිය අන් අයතරින් ප්‍රතික්ශේප   විමට ඉඩ ඇත.
තමන් ගේ බ්ලොගිය අන් අයට ප්‍රිය තාවයක් ඇති වෙන සේ තබා ගන්න.
තොරණ් දමා මල් වැල් ගොතා ඔබගේ බ්ලොගිය අපවිත්‍ර කර ගැනිමේන් වලකින්න.
මම මේ කියු දෙයින් කාට හෝ වැදගත් වුනොත් ඒ දෙය මගේ ඉදිරි ගමනට බලපාවි.

 ලෝකෙ වර්ග හතරක මිනිසුන් ඉන්නවා.
 
පලමු වර්ගය:හැමෝම කියන හැම හොදක්ම හැම නරකක්ම අහනවා පිලි පදිනව

දෙවන වර්ගය:
 
කියන දේ තෙරුම් අරගෙන
තමන්ට ගැලපෙන හොද දෙයක් නම් එය පිළි පදිනවා


 තුන්වෙනි වර්ගය: 
දෙයක් කලින් කිවුවට කොහොමත් අහන්නෙ නෑ
හැබැයි දෙයක් උනාම අත්දැකිමෙන් එය තෙරුම් ගන්නවා.

හතරවැනි වර්ගය:
 
කිවුවට අහන්නෙත් නෑ,අත්දැකිමෙන් ඉගෙන ගන්නෙත් නෑ,කොහොමටවත් අහන්නෙ නෑ
හිතෙන දේ හිතෙන වෙලාවට කරනවා

ඔබ කොයි වගේද?



23 කට ආසන්න ප්‍රතිචාර:

Unknown said... Reply To This Comment

අලුත් මුහුණුවර නම් හොදා..තව කරනවා නම් කරන්න දෙයක් කියන්නම්...කොලම් 3 දැම්මාම ඔයා ලියන පොස්ට් එක ටිකක් දික් වෙනවා + පොස්ට් එකේ ජේද අතර තියෙන ඉඩ ඇහිරෙනවා..
අකුරු නම් කියවන්න අවුලක් නැහැ.. මම කියපු එකත් අනිත් අයගේ අදහස් එක්කත් බලලා ඔයා හොද දෙයක් තීරණය කරන්න..

ලෝකේ ඉන්නවා කියපු මිනිස්සු වර්ග 4 නම් සහතික ඇත්ත..ඔය 4 ජාතියමැ අපිට එදිනෙදා හමුවෙනවනෙ..

Amila Chathuranga said... Reply To This Comment

මල්ලි බ්ලොග් කියන්නෙ රීතියක් තියෙන දෙයක් නෙමෙ..
පන්සීයක් දාහක් වෙන බ්ලොග් කියවන්නන් ගානකට බ්ලොග් ලියන අපි පොරවල් නෙමෙ..
මේකෙ කවදාවත් ප්‍රවීනයො නෑ..
ඉන්නත් බෑ..
බ්ලොග් කියන දේ ලියන එකකුත් නෙමෙ..කෙනෙක් ගායනයට දක්ෂ නම් ඒ කෙනාට තමන්ගෙ කලාව දක්වන්න පුලුවන්..
ටිකක් හොඳ පොටෝ කැමරාවක් තියෙනවනම් එයාට පුලුවන් ඒකෙන් පින්තූර අරන් දාන්න..
තව කෙනෙක් පරණ බඩු එකතු කරනවනම් ඒව ගැන විස්තර දාන්න පුලුවන්..
කෙනෙක් ට්‍රිප් යන බුවෙක් නම් ඌට පුලුවන් මැප් විස්තර එහෙම දාන්න..
තව එකෙක් ටිකක් ලොකු කැමර් එකක් තියෙන බුවෙක් නම් එයාට පුලුවන් සුලුවට ඩොකියුමෙන්ට්‍රියක්,ෂෝට් ෆිල්ම් එකක් කරල ඒක දාන්න..
බ්ලොග් කියන්නෙ හිට් නෙමෙයි..
අපි මාස ගානක් මාන්සි වෙලා කරන දේ සමහර විට 10-15ක් විතරක් බලන වෙලාවල් තියෙනව..
ඒත් ඒ ගානට හරි වැඩේ විදින්න පුලුවන් උනේ මේ බ්ලොග් කෙරුවාව නිසා...

දේව් ගේ අඩවිය said... Reply To This Comment

ඇත්තටම ප්‍රවිනයි කියලා අපි කියන්නේ එයලා බ්ලොග් ලියලා තියන කාලේ බලලානේ... සමහර අයගේ ඒ බ්ලොග් වලට යන අයට වඩා අලුතෙන් දවස් 2 ,3 වෙච්ච බ්ලොග් වලට කට්ටිය යනවා මම හොදට දකලා තියනවා..... බොලොග් එකේ අන්තර් ගතය වැදගත් කියන එක මමත් ගොඩාක් ඉහලින් පිලිගන්නවා.... සමහර බ්ලොග් තියනවා තොරන් මුකුත් නැ පොස්ට් විතරයි, තවත් ඒවා තියනවා පොස්ට් නැ තොරන් විතරයි.. තවත් ඒවා තියනවා ඔය දෙකම තියනවා... හිට්ස් වැඩක් නැ තමා කියවන්න හිතන්න ඉගනගන්න දෙයක් තියනවා නම් අනිත් අය ගොඩාක් ලියන අපිත් එක්ක ඉන්නවා... වැඩකට නැති දෙයක් ලියනවා නම් කොයි තරම් ප්‍රවිනයෙක් උනත් ඒකට නොයන ඒවා තියනවානේ

මේ කිවේ මට හිතෙන දේවල්.... මමත් තම අලුත්

සංකල්ප said... Reply To This Comment

මම නම් දෙවෙනි වර්ගෙට තමයි වැටෙන්නේ. කියන කෙනා මොනා කිව්වත් ඒක හොදයි නම් තමයි මම අනුගමනය කරන්නේ. මේ ටෙම්ප්ලේට් එක ගොඩක්ම ගති. කොහෙන්ද මේක හොයා ගත්තේ. එල එල !!

චතුමිතු said... Reply To This Comment

කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි පඩි වදනක් ඇත.බ්ලොග් ලිවිම යනු කලාවකි.එබැවින් එයට සිමා මායිම් පැනවිමට කිසිවෙකුටත් නොහැකිය.සිතැගි දෙයක් ගෙත්තම් කිරිම රචකයා සතු අයිතියකි.එය පිළිගැනිම හෝ ව්වේචනය කිරිම පාඨකයා සතු අයිතියකි.ඔවුන්ගේ අදහස් වලට ගරු කරමින් එවා බාර ගැනිම හෝ නොගැනිම රචකයා සතු කාර්යය කි..
පට්ට කුණුහරුපෙන් ලියවුණු පොස්ට් වලට අමතරව වචනයක් හෝ ලියවෙන පොස්ට් කිසිදු වැදගැම්මකට නැති එවා යැයි කිමට මම එක හෙලා විරුද්දය.මන්ද යත් එක් වචනයක් තුළ හෝ අපට ඉගනගන්න යමක් ඇති බැවිනි.(බොහෝ දෙනා ප්‍රකාශ කරන පරිදි මමත් මෙතෙක් කිසිදු වැදගම්මකට ඇති දෙයක් ලියා නැත.)

නදී said... Reply To This Comment

බ්ලොග් කන්ටෙන්ට් එකට වැඩි ඉඩක් දුන්න නම් හොදයි කියල හිතෙනව

මි හරක් පිඩියා said... Reply To This Comment

ප්‍රතිචාර වලට ස්තුතියි සියලු දෙනාටම.
මා තවත් වැඩිපුර දෙයක් පවසන්නේ නැත.

පූසා said... Reply To This Comment

ජනප්‍රියත්වය බලං බ්ලොග් ලියලා වැඩක් නෑ. මොකද මේ වයින් ජනප්‍රිය වුනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. මම බ්ලොග් ලියන්නේ විනෝදාංශයක් විදිහට. සමාජයේ අහන් දකින දේවල් ලියන්න. නැත්තම් සමාජයේ වෙන සිද්ධි ඇඟට පතට නොදැනී විවේචනය කරන්න. මගේ නිර්මාණ මම රස විඳිනවා. ඒ වගේම මගේ නිර්මාණ රසවිඳින පිරිසකුත් ඉන්නවා. එයාලා මට කමෙන්ට් කරනවා, ෆලෝ කරනවා....
කෙනෙක් තමන්ගේ බ්ලොග් එකේ කුණුහරුප කතාවක් ලිව්වත් කාට හරි බැන්නත් දේශපාලනේ ගැන ලිව්වත් ආදර කතා බූට් කතා ලිව්වත් ඒවා ඒ අයගේ අයිතිය. එයාලට කැමති දෙයක් එයාලගේ බ්ලොග් එකේ ලියාගන්න පුළුවන්. ඒ වගේම අපේ අදහස අපිට ඒකෙ ලියලා යන් පුළුවන්. එහෙම කියලා ලිපියට කුණුහරුපෙන් බැණලා යන එක සදාචාර සම්පන්න නෑ.
කෙනෙක්ට තමන්ගේ බ්ලොග් එකට ඕන තරම් විච්චූරණ දාගන්න නිදහස තියනවා. ඒ ඒ අය ඒ ඒ දේවල් කරන්තෙ තමගේ අභිමතය පරිදි. අපිට ඒ කිසි දෙයක් එපා කියන්න බෑ. අපිට කටන්න තියෙන්නේ අකාමැතිනම් නොබලා ඉන්න එක.

Dinuka Harshana said... Reply To This Comment

මම නම් ඔය කියන අයගෙන් දෙවෙනි ජාතියේ..
අලුත් විදිහ හොදයි ඒත් ලෝඩ් වෙන්න යන වෙලාව ටිකක් වැඩි වගේ..පුළුවන් නම් ගැජට් ටිකක් අඩු කරන්න..

සුමින්ද said... Reply To This Comment

මේක හොඳයි කලින් තිබුනු එකට වඩා. අනංමනං ගැජට් කෑලි අඩුවෙන තරමට හොඳයි.

Deeps said... Reply To This Comment

දෙපැත්තෙන්ම ගැජට් දාලා නිසා පොස්ට් එක ගිග වෙලා වගේ. ගැජට් ටික එක පැත්තකට ගන්න බලන්න පුළුවන් නම්. මාත් ආසයි ඔයාගේ මේ ටෙම්ප්ලේට් එකට. හරිම සරලයි! දිගටම තියාගන්න. Indi කියලා තියන කතාවත් එක්ක එකඟයි. අපි එක එක දේවල් වලට දක්ෂ අය. තමන්ගේ දක්ෂතාව අඳුනාගෙන ඒ දක්ෂතාව සහ තමන් හදවතින්ම ආසා කරන දෙයක් ගැන බ්ලොග් එකක් කරන පටන් ගත්තොත් සාර්ථකත් වය නවත්තන්න බැහැ. කල් ගතවෙනකොට ටික ටික තේරෙනවා මොනවද කරන්න ඕනේ කියලා තමන්ටම. හෙමීට ගමන යන එක තමා හොඳම. එක පාරට කොයිම දෙකින්වත් ජය ගන්න බැහැ. දිගටම කරගෙන යන්න. උදව්වක් ඕනේ නම් කියන්න. දන්නා දෙයක් නම් උදව් කරන්නම්. සුභ පැතුම්!

Nadun Ranaweera said... Reply To This Comment

මටත් ඉස්සර අංක කැලි එල්ලන හිටියා දැන්නම් ඔය ගැජට් ඔකොම ගලවලා තියෙන්නේ. මමනම් බ්ලොග් ලියන්නේ නිකන් ඉන්න වෙලාවට වෙලාව යවාගන්න තමයි මටනම් Hits Commnet වැඩක් නෑ. හැබැයි තමන්ට හිතෙන දෙයක් බ්ලොග් ලියන්න පුලුවන් බලන එක බලන අයගේ වැඩක් එක අපි කරට ගන්න ඕනේ නැනේ.

Deeps said... Reply To This Comment

@ආසියා.
වෙන බ්ලොග් වල තියන ගැජට් එක්ක බැලුවම මේවා මොනවද :D මට නම් හිතෙන්නේ මේ දාලා තියන ගැජට් ටික නම් තිබ්බට කමක් නැහැ කියලා

කිඩෝ said... Reply To This Comment

අවුලක් කියලනං කියන්න නෑ මචං... ටෙම්ප්ලේට් එක චාම් ගැජට්ටුත් අවුලක් නෑ... ලෝඩ් වෙන්නත් ඒ හැටි වෙලාවක් යන්නේ නෑ... හැබැයි ගැජට් ඔක්කොම එක පැත්තකට එනවනං මාත් කැමතියි..

දේව්දාස් said... Reply To This Comment

බ්ලොග් ලියන්නේ ජනප්‍රිය වෙන්න නෙමි උනත් අපි බ්ලොග් ලිවීමෙන් ඒවා අනිත් අය බලලා අදහස් දක්වනවට කැමතියි... නැත්නම් අපි මේ කියන ඒවා කොළ කෑල්ලක ලියල නිකන් ඉන්නවනේ... කෙනෙක්ගේ කමෙන්ට් එකක් අපිට ගොඩක් වටිනවා... මම මේ කිව්වේ මගේ අදහස... මමත් තම අලුත්... හරියටම කිව්වොත් දවස් 3 ය් වයස... මී හරක් පිඩියට දේව්දාස් ගෙන් සුභ පැතුම්...

දේව්දාස්

නාකියා said... Reply To This Comment

"එකක් දාන්නම් වාලේ දැමීමෙන් වලකින්න.
දාන්න දෙයක් නැතිනම් නොදා ඉන්න."

අන්න මගෙ තියරිය...

පරණ මූණ මටනම් මතකත් නෑ කොල්ලෝ.ඒත් මේක හරි සැනසිල්ලයි.

හිස් අහස said... Reply To This Comment

හිට්ස් කමෙන්ට් පස්සේ දුවන්නේ නැතුව ලියන්න හැකියි කීවට ඒවා නැති වුණාම ලියන්න තියන ගතිය අඩුවෙනවා . ඒක නිසා බ්ලොග් එකට ආදරෙන් එන යන අය කියවන්න ආසා දේවල් තෝරා බේරාගෙන ලියූවනම් ගොඩ තමා ..

ආ මම නම් 3 ජාතිය ..

චතුර.... said... Reply To This Comment

දෙවන තුන්වන වර්ගයන්ට අයත් වෙමි

ප්‍රසංග said... Reply To This Comment

මේක නම් මරු සරලයි චාම්...ඇත්තෙන්ම අන්තර්ගතය තමා ගොඩක් වටින්නෙ..

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said... Reply To This Comment

මමනම් මට ඔනදේයක් ලියනවා බැලුවත් එකයි නොබැලුවත් එකයි...
එහේත් යහාලුවන්නම් නැතිකරගන්නේ නැහැ...
=========================================
කියන දේ තෙරුම් අරගෙන
තමන්ට ගැලපෙන හොද දෙයක් නම් එය පිළි පදිනවා..!!!
=========================================
මේන්න මං වේවගේයි..෴

සරත් ලංකාප්‍රිය said... Reply To This Comment

මන් නම් බ්ලොග් එක පතන ගත්තෙතේ එක හද ගත්තෙත් නොදුටු මිත්‍රයින්ගේ උපදෙස් අරන්.. අපරාජිතයි ඕනයයි..

Anonymous said... Reply To This Comment

මම අද තමයි මේ පැත්තේ මුලින්ම ආවේ..තාම මේ අලුත් මිතුරු ඇසුරට සති තුනයි..මාව කියවන බලන යාලුවෝ තමා මගේ ශක්තිය..

මේ ලිපිය ගොඩක් හොදට කියෙව්වා..ඒ දේවල් අලුත් කෙනෙක් විදියට ගොඩක් වටිනවා. කියන්න ලොකු දේවල් දන් නෑ..එකම දේ මන් ලියන දෙයින් එක් කෙනෙක් හරි යමක් ලබා ගන්නවනම් ඒක තමයි එකම සතුට.. එහෙම බලකොට මාත් විෂ්වාස කරන්නේ අන්තර්ගතය තමයි මූලික වෙන්නේ කියලා..

රාජ් said... Reply To This Comment

මම පරක්කු වැඩිද මංදා.ටෙම්ප්ලේට් ගැන කියන්න යන්නෙ නෑ.ඒක ගැන මගේ පෝස්ට් එකේ තියනවා.ලින්ක් එක දැම්මට බොහොම ස්තුතියි.හැබැයි මම නං කැමතියි මගේ බ්ලොග් එකේ හිට්ස් ගනන වැඩිවෙන තරමට.එතකොට ලියන්න ශක්තියක්-ගැම්මක් එනවා.(මොකද අපි පෘතජන මිණිස්සුනේ)කාටවත් පේන්නෙ නැතිව ඉන්නවට වඩා කවුරුත්ම එක්ක එකතුවෙලා ඉන්නඑක හොදයි.

Post a Comment