2011-08-01

උපන් දිනේ කාපු කට්ට....!!!


 කොහොමද.අද මගේ ජිවිතයේ වැදගත් දවසක්.මේ නොදරුවා නොදැනුවත්වම වයස 18 ලබලා ඕං.මං දැන් ලොකු ලමයෙක් නොවැ.මට අද හලී සතුටුයි.තවත් සතුටක් තියනවා ඒක තමයි ඊයේ දවසේ මගේ බ්ලොග් එකේ හිට්ස් 1000 පැන්න.ඒකට මම හැම දෙනාටම ස්තුතියි.දවස තිස්සෙම අරයගෙන් මෙයාගෙන් සුබ පැතුම් එනවා ඉවරයක් නෑ.උදේ පොඩි කට්ටකුත් කෑවා ආය උපන් දිනේ කියලා නෑ.උදේම අම්මත් එක්ක ගෙන යන්න උනා හොස්පිට්ල්(ඉස්පිරිතාලය)එකට අම්මට සනිප නෑ. වෙනදා උපන් දිනේට කන කිරිබතත් අද නැති වුනා.උදෙම දුක් සීන්..
ඒ විතරක් ඇ මම එච්චර ටවුමේ රස්තියාදුවට කැමති නෑ.ඔය ක්ලාස් තියන දවසට ඇරුනම. උදේ පැය 3 විතර ඉස්පිරිතාලයේ කට්ටක් කාල ගෙදර යන්න හිතාගෙන ටවුමට එනකොට ටවුම පුරා ත්‍රිවීල් කාරයෝ උද්ගෝෂණයක්(ස්ට්‍රයික්) පටන් ගෙන.හැම තැනම බ්ලොක් වෙලා පාරේ යන්නත් බෑ.මට නේද ඉතින් මල...!!ඇයි යකෝ කර ගන්න මල මගුලක් පාරේ යන මිනිස්සුන්ට කරදරයක් නොවී කරගනින් කො.

 මම ඉන්නේ බදුල්ලේ.කලින් කියලා නැතුව ඇති.බදුල්ල පැත්තෙන් බ්ලොග් කාරයෝ අඩුයි කියලා මට හිතෙන්නේ.මම දැකලා තියෙන්නේ බ්ලොග් දෙක තුනක්.මම නොදැකපු ඔබ දැක ඇති බ්ලොග් තව තියෙන්න පුලුවන්.ටවුමේ ඉදන් අපේ ගෙවල් පැත්තට එන්න ත්‍රිවීල් තියනවා.බස් වලට වඩා තියෙන්නෙ ත්‍රි වීල් තමා.අපි ඒවට කියන්නෙ "දහයේ කෑලි" කියලා.අපි ඉතින් ඕවට රුපියල් දහයක් දීලා තමයි ටවුමට එහෙම එන්නේ.ඔය සමහරුන් ගේ පැතිවලත් ඇති මෙහෙම ත්‍රි වීල්.බැලින්නම් බොලේ මේ වීල් වලට එරෙහිව තමයි අනිත් ත්‍රි වීල් කාරයෝ උද්ගෝෂණය කරන්නෙ "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් නිසා "හයර්" දුවන ත්‍රිවීල් වලට බඩේ පාර වදිනවා කියලානේ ඔය කියන්නෙ..ඒ මේ හුට්ටප්පර වලින් "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් එකක් වත් හොයා ගන්න නෑ.හැංගිලාද කොහෙද..!! 
දැන් ඉතින් ගාටපන්කෝ පයින් කියලා අම්මා වත් එක්කගෙන.අම්මටත් දැන් ටිකක් අමාරුයි වගේ. හති දම දමා බාගයක් දුර යනකොට දෙයියෝ බුදුන් දැක්කා වගේ සීමා සහිත ලංගම බස්රථයක් ඇවිල්ලා අපිව දා ගත්තා.ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා ගෙදරට ගොඩ උනා.ඔන්න ඕකයි මගේ උපන් දින සිදු වීම.මේ දවස නම් මට කවදාවත් අමතක නොවී තියෙයි.
මොන වැඩේ,සිදුවීම තිබුනත් බ්ලොග් පැත්තේ එන එක නම් නවතින්නෙම නෑ.ඒක නිසා අදත් ආව ඕං

36 කට ආසන්න ප්‍රතිචාර:

Anonymous said... Reply To This Comment

මම දන්න විදිහට බදුල්ල පැත්තේ බ්ලොග්කරුවෝ 5දෙනෙක් විතර ඉන්නවා

කිඩෝ said... Reply To This Comment

සුභ උපන්දිනයක් වේවා පීඩියට... ඔය ලැබිලා තියෙන්නේ උපන්දින තෑගි මලු පිටින්ම :P

චතුමිතු said... Reply To This Comment

ආහ් කිරිබත් නැති වුනාට මොකෝ කාලා තියෙන්නේ හොද පරිප්පුවක්.. :D දුක් වෙන්න එපා පිනක් කරගත්ත නේ අද දවසට ඔයා..ඔන්න මම ආයෙත් සුභ පතනවා.. උපන් දිනයට..:) (අම්මටත් ඉක්මන් සුවය ලැබේවා.. පුතන්ඩියට කෑම වේළක් හදලා දෙන්න..:))

සංකල්ප said... Reply To This Comment

සුබ උපන්දිනයක් වේවා මල්ලි !!!!

මි හරක් පිඩියා said... Reply To This Comment

@Anonymous..වෙන්න ඇති.සමහර විට ඊටත් වැඩි වෙන්න පුලුවන්.

@කිඩෝ..බොහොම ස්තුතියි මචන්.....

මි හරක් පිඩියා said... Reply To This Comment

@චතුමිතු..බොහොම ස්තුතියි චතු.....

@මධුරංග..බොහොම ස්තුතියි මධුරංග අයියේ...

චතුර.... said... Reply To This Comment

සුභ උපන්දිනයක්!!!!,අඩේ ඔය දහයේ කාරයෝ ටික මෙහෙට එවන්ට බැරිද? මෙහේ අඩි දෙකක් යන්ටත් පනහක් කඩනව බන්..

රත්ගමයා said... Reply To This Comment

සුබ මෙව්වා එකක් වේවා මයේ සත්තලනේ

෴ වේලාව ලගයි ෴ said... Reply To This Comment

සුබ ආයු කාලයක් ලැබේවා ම්තුරේ.............

මි හරක් පිඩියා said... Reply To This Comment

@චතුර. මෙහෙ නම් ඔය ත්‍රි වීල් වැහි වහලා තියන්නේ.
අප්පා එවන්නනම් බෑ.පේනවනේ ඒවා එක දවසක් නැති උනාම අපි කන කටු...

@රත්ගමයා..බොහොම ස්තුතියි අයියේ...

මි හරක් පිඩියා said... Reply To This Comment

@වේලාව ලගයි..බොහොම ස්තුතියි මචන්.දෙවෙනි පාරටත් සුබ පැතුවට...

Unknown said... Reply To This Comment

සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා එහෙනම් මමත්...සුභ පතන්න ඉතින් දේවල් ගොඩයි නේ..හිට්ස් 1000 එකක්
ඉස්සරහටත් හොදින් ලියන්න පුළුවන් වේවා.. :)

Anonymous said... Reply To This Comment

සුභ උපන්දිනයක් වේවා මි හරක් පිඩියා! සිරාවටම දහයේ කාරයෝ ටික මෙහෙට එවන්ට බැරිද?

sanjaya සිතුවිලි said... Reply To This Comment

සුබ උපන් දිනයක් මල්ලි ....

Dilanka Madhawa said... Reply To This Comment

තුබ මෙව්ව එකක් වෙව්වා

පිස්සු පුසා said... Reply To This Comment

සුබ උපන් දිනයක් වේවා මල්ලි

නාකියා said... Reply To This Comment

විකාරයක් නොවන සුබ අනාගතයකට (ජීවිතේටයි,බොලොක්කෙටයි) ආසිරි මගෙනුත්...

දේව්දාස් said... Reply To This Comment

සුභ උපන්දිනයක් වේවා කියල මී හරක් පිඩියාට දේව්දාස් ගෙන් සුභ පැතුම්...

දේව්දාස්

නදුන් උයන said... Reply To This Comment

සුභම සුභ උපන් දිනයක් වේවා.... !!! උපන්දිනේ දවසේ හොඳ පින්කමක් නෙ මලය කොරගෙන තියෙන්නේ....

දැන් මේ ප්‍රයිවෙට් බස් වගේ කවද හරි දවසක ඔය ත්‍රී වීල් මල්ලිල ටිකත් අපෙ රටට කරදරයක් වෙයි ද මන්ද...

පැණි දොඩම් said... Reply To This Comment

අම්මට ඉක්මනටම සනීව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ඒක නෙවේ මොකද්ද බං මල්ලි උඹේ නම? ඇත්තටම පිඩියා කියන එකේ තේරුම මොකද්ද?

Anonymous said... Reply To This Comment

මම උදේට වැඩට යන්නෙත් දහය කෑලි වල තමා. බස් එකේ රුපියල් 7යි විනාඩි 15යි... ට්‍රයි ෂෝ එකේ රුපියල් 10යි විනාඩි 2යි....

හිස් අහස said... Reply To This Comment

සුබ උපන්දිනයක් වේවා මචෝ ...!!

ප්‍රසංග said... Reply To This Comment

සුබ උපන්දිනයක් වේවා මලයො...අම්මටත් ඉක්මනට සනීප වෙන්න කියල පතනවා...
මමත් ඔය 10යෙ කෑල්ලක ගියේ බදුල්ලෙ ආව වෙලාවක තමා..මටත් එක්ක සල්ලි දුන්න යාළුවගෙන් මම ඇහැව්වෙ මෙහෙ රු.20ටත් හයර් තියෙද බං කියල..මොකෑ අපේ පැත්තේ ඕවා නෑ නොව...

මි හරක් පිඩියා said... Reply To This Comment

@ChammA..බොහොම ස්තුතියි හැම දේකටම සුබ පැතුවට..

@විසිතුරු..අම්මා බෑ.. ඒවා තියෙන්නෙ බදුල්ලෙ විතරයි.

@sanjaya සිතුවිලි..බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

@කුරුං ගුරුං..මේ ගොයියා පලවෙනි පාරට නේද මේ පැත්තේ ආවේ.බහොම ස්තුතියි.නැවත එන්න.

@පිස්සු පුසා..බොහොම ස්තුතියි අයියේ..

මි හරක් පිඩියා said... Reply To This Comment

@නාකියා..බොහොම ස්තුතියි...

@දේව්දාස්..බොහොම ස්තුතියි අයියේ..

@නදුන් උයන..බොහොම ස්තුතියි.වැඩිකල් යන්න කලින් ඒ ටිකත් වෙන්න බැරි නෑ..

Nuwan Kumaranayake (නුවන් කුමාරනායක)@..මේ අයියත් පලවෙනි පාර නේද මේ පැත්තේ ආපු.බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.නැවත් එන්න.

prasanna86k@..අහන්නත් සතුටුයි.එතකොට ඔයා බදුල්ලෙද ඉන්නෙ නැත්තම් වෙන කොහේ හරිද?කියන්න කැමතිනම් පොඩ්ඩක් කිවුවනම්..

@හිස් අහස..බොහොම ස්තුතියි..

@ප්‍රසංග..ඔයා බදුල්ලෙ ආවද.ඒ ත්‍රිවීල් වල තියන වටිනා කම තේරෙන්න ඇති.හැමතැනම නෑ නොවැ.

රාජ් said... Reply To This Comment

යකෝ උඹේ වයස තාම 18ද? මම හිතුවෙ උඹ ඇට පැහිච්ච මී වස්සෙක් වගේ තඩියෙක් කියලා.:D

මි හරක් පිඩියා said... Reply To This Comment

@රාජ්..හි හි...මම තාම චූටි එකෙක් නොවැ රාජ් අයියේ.
තැන්කු ප්‍රතිචාරයට..

Anonymous said... Reply To This Comment

සුභ උපන්දිනක් වේවා! ඔය ත්‍රීවීල් කේස් එක මාත් ඊයේ දැක්කා.

Anonymous said... Reply To This Comment

පිඩියා මල්ලි සුබ උපන්දිනයක් වේවා.මමත් හිතුවේ උඹට 45 වත් ඇති කියල.මට නිතරම මතක් වුනේ නාකි මීහරෙකෙක්ව.දැන් බලපුවම උඹ තාම නාම්බෙක් නේ.

මි හරක් පිඩියා said... Reply To This Comment

@නදීර..ප්‍රතිචාරයට තැන්කු..ආයෙත් මේ පැත්තේ එන්නකො.

Anonymous@.බොහොම ස්තුතියි.ඔයා කවුද කියන්න මම දන්නෙ නෑ.හැබැයි ප්‍රතිචාරයට තැන්කු..

Anonymous said... Reply To This Comment

සුබ උපන්දිනයක් වේවා මලයෝ..!!!

මන්තරකාරි said... Reply To This Comment

මං එනකොට උපන්දිනේනම් පහු වෙලා.. ජීවිතේ මල් වෙන්න කියලා පතන්නම්කෝ... අම්මට දැන් හොඳ ඇති කියලා හිතනව...

මි හරක් පිඩියා said... Reply To This Comment

@අසනි..බොහොම ස්තුතියි..

@මන්තරකාරි..පලවෙනි වතාවට නේද මේ පැට්තේ ගාටවුවේ..
දැන්නම් අම්මට සනීපයි.බොහොම ස්තුතියි ඒ ගැන ඇහුවට..

Angel said... Reply To This Comment

සුභ උපන්දිනයක් වේවා. බරටම තෑගී හම්බෙලානේ....

දුකා said... Reply To This Comment

පහු උනාට කමක් නෑ නේ? සුභ උපන් දිනයක් ගත කරන්න ඇති කියල හිතනවා

මි හරක් පිඩියා said... Reply To This Comment

දුකා@..පරක්කු වුනාට කමක් නෑ....බොහොම ස්තුතියි..

Post a Comment