2011-11-04

3000 ප්‍රිතිය නිමිත්තෙන් one man show ..!


හායි....මම කලින් දාපු පෝස්ට් එක බලන්න ඇතිනේ.බැලුවෙ නැත්තම් ඉකමනට බලලා එන්නකො මෙතනින්.
මම ඉතින් එකෙදි නිකමට ඇහුවා කාටද මාව මතක කියලා.?ඒකට ලැබුණු ප්‍රතිචාර වලින්ම මම තේරුම් ගත්තා හිට්ස් 3000 පහුකරත් මම නැවතත් බ්ලොගිය පටන් ගත්ත තැනම නේද කියලා.ඒ ඉතින් මගේ අඩුපාඩුවක් මිසක් මම කිසිම මොහොතක කිසිකෙනෙකුගේ වැරැද්දක් කියන්නෙ නැ..(ඇයි යකෝ මේකාගෙ වැරදි වලට අපි පලි යැ..)දැන් ඉතින් වෙන මොනා කරන්නද අලුතින් පටන් ගන්නවා මිසක්..


හිට්ස් 3000 පහුකරපු එක ගැනනම් හිතෙ සතුටක් තියනවා මොකද හරියටම මාස දෙකකින් ඒ කිව්වේ පෝස්ට් 12 කින් පහුකරපු එක ගැන.ඒක හින්දා අද මේ සතුට සමරන්නම ඔනා..ඕනි කිව්වට මට තනියම තමයි පැදුරු පාටිය දාන්න වෙන්නෙ.  නැතුව ඉතින් අහල පහල ගෙවල් වල එවුන් ඒවි යැ මාත් එක්ක මේ සතුට සමරන්න.
පැදුරු පාටියේ අතුරු ප්‍රතිපලයක් සිදුවුනොත් නම් අහල පහල ගෙවල් වල මිනිස්සු එයි.අපේ පවුලේ හත්මුතු පරම්පරාවම මතක් කරගෙන.ඒක හින්දා අද මට කරන්න  වෙන්නේ one man show එකක් තමයි.

හොව් හොව්..පාටිය පටන් ගන්න කලින් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ස්තුතියි කතාව කරන්න.

(උගුර පාදමින්...)

ශ්‍රි ලාංකියවාසි සියලුම බ්ලොග් හිතමිතුරන් ගෙන් අවසරයි.
දයාබර අක්කලාගෙන්ද,
අයියලා ගෙන්ද අවසරයි.

මම මේ අවස්තාවේදි සියලුම මගේ හිතමිතුරන්ට මගේ ස්තුතිය ප්‍රදානය කරනවා.මා මේ තත්වයට එසේත් නැතිනම් හිට්ස් 3000 පසුකරලිමේ මොහොත මා හට ලගා කරදිම පිලිබදව.තවද මා කෙරෙහි විශ්වාසය තබා මා හා රැදුනු ඔබ සැමට ස්තුතියි.
එමෙන්ම මෙතෙක් දුරට මා සමග රැදුනු ඔබ ඉදිරියටත් මා සමග රැදි සිටි යන බලාපොරොත්තුව මත මා මේ ස්තුතියි කතාව මෙයින් අවසන් කරමි.....
                                          ස්තුතියි

හරි දැන් සුබ මොහොතින් සාජ්ජය ආරම්බකරන්නයි මේ සූදානම..
ඔන්න එකා............යි දෙකා............යි තුනා........යි.

22 කට ආසන්න ප්‍රතිචාර:

සමිත් සුලක්ෂන said... Reply To This Comment

පට්ට පට්ට... උනුසුම් සුබ පැතුම්...

දේව් ගේ අඩවිය said... Reply To This Comment

අෆ්ෆා දැක්කේ කාලෙකින් නොවැ... ආයේ අතුරුදහන් නොවි දිගටම ලියන්න එතකොට තනියෙන් පාටි දාන්න වෙන්නේ නැ.. මේ කොල්ලා ඔන්න අදත් තනියෙන් පාටි බැ ඔන්න මම නම් ඉතින් අමද්්‍යප නිසා අවුලක් නැ ඔන්න මමත් සෙට් වෙනවා...එකායි.... දෙකායි........ තුනා.........යි

Dinesh said... Reply To This Comment

ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්....

Anonymous said... Reply To This Comment

මගෙනුත් සුභ පැතුම්..

හිස් අහස said... Reply To This Comment

උඹ මචං සැරට බොකු බඩවල් කඩාගෙන යන්න ලියාගෙන ගියෝතින් උඹට බොහෝම ඉක්මනින් ලක්‍ෂ තිහක් හිට් කපා ගෙන යන්නත් හැකි වේවි ..එදාටත් මම හිටියොත් එන්නම් සුබ පතලා යන්න .

මගෙනුත් සුබ පැතුම් !!

Unknown said... Reply To This Comment

ලියමුකෝ දැන්වත්. හැබැයි සාජ්ජ දාන්න ගිහින් අහල පහල අයගෙන් ගුටි කෑවොත් ආයෙත් ලියන්න බැරි වෙයි.... හික්ස්.... :D

සංකල්ප said... Reply To This Comment

මල්ලිට මගෙනුත් සුබ පැතුම්. අර කලින් ලියන්න ආපුම දවස්වල කිව්වා වගේ මල්ලි මාර කම්මැලියෙක් නෙව. දිගටම ලීවා නම් මේ ගාන මාස තුනකින් පන්නතෑකි. හික්ස් :)

සුබ පැතුම් මලේ !!

Ranul Hashika Gomas said... Reply To This Comment

ඔන්න මම ෆලෝ කරා

Janitha said... Reply To This Comment

ටික කලක් අත්තැරලා ඉන්නකොට කස්ටියට අමතක වෙනවා අප්පා.. මටත් වෙලා තියෙන්නෙ ඒක නෙව.. කොහොම හරි සුභපැතුම්..

මි හරක් පිඩියා said... Reply To This Comment

@සමිත්.. බොහොම ස්තුතියි යාලුවා.

මි හරක් පිඩියා said... Reply To This Comment

@දේවා ගේ අඩවිය..අම්මෝ දේවා අයියටත් මාව මතකයි නේද
අමද්යප නිසා වෙනම පාටියක් පස්සෙ දාමුකෝ දේවා අයියේ.එතකොට අයියට කතා කරන්නම්.

මි හරක් පිඩියා said... Reply To This Comment

@Dinesh..බොහොම ස්තුතියි මිතුරේ..

මි හරක් පිඩියා said... Reply To This Comment

@විසිතුරු..බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට..

මි හරක් පිඩියා said... Reply To This Comment

@හිස් අහස..බොහොම ස්තුතියි අයියේ උපදෙස් වලට.මමත් මේ උත්සහ කරන්නේ බොකු බඩවල් කඩාගෙන යන්න ලියාගෙනයන්න තමයි..

මි හරක් පිඩියා said... Reply To This Comment

@නිසුපා..දැන්නම් බය නැතුව ලියනවා අක්කේ.කවුරු නැතත් අක්කා එනව නේ මේවා කියවන්න..
හිකිස්..

මි හරක් පිඩියා said... Reply To This Comment

@මධුරංග..අෆ්ෆා මදුරංග අයියව දැක්ක කල්..කොහොමද ඉතින් සැප සනීප...?

සුබ පැතුමට බොහොම ස්තුතියි අයියේ..

මි හරක් පිඩියා said... Reply To This Comment

@Ranul..බොහොම ස්තුතිය් මලයෝ...

මි හරක් පිඩියා said... Reply To This Comment

@ආගන්තුකයා..ඒ ගැන නම් කියලා වැඩක් නැ සහෝ...දැන් ඉතින් අලුතින් පටන් ගත්තා වගේ තමයි..

මාතරේ said... Reply To This Comment

එළකිරි මී අයියෙ ඉදිරියටම යාමට සුභපැතුම්!!!

මි හරක් පිඩියා said... Reply To This Comment

@ මාතරේ..බොහොම ස්තුතියි...

අසරණයා said... Reply To This Comment

3000 ට 30,000 ක් ආයුබෝවේවා !!!

Nishan de siva said... Reply To This Comment

එල එල දිගටම ලියපන් ඔයිට වඩා හිට්ස් ගත්තහැකි.3000 ට මගෙන් උණුසුම් සුබ පැතුම් ජය වේවා.

Post a Comment