ඊයේ මට හරි කණගාටු දවසක්.ඒ මොකද කියලා කියන්නයි මම මේ හදන්නේ.
ඒ දැනට මාස 3 කට පෙර අපේ පවුල හා සම්බන්ද වුනු පුංචි ලේන් පැටියෙක් නිසා.මේ ලේන් පැටියා මට හම්බ වුනේ අපේ ගෙදරට අල්ලපු වත්තේදි.ඌ හොදටම අසරණව,අතරමං වෙලා හිටියේ.මගේ සත්ව කරුණාව නිසාම පැටියාව ගෙදර ගෙනාවේ හොදින් රෑක බලා ගෙන දවසක නිදහස් කරන්නම් සිතා ගෙනය.නමුත් පැය,දින,මාස ගනන් ගෙවී යද්දී අපටත් නොදැනිම ලේන් පැටියා පවුලේ සාමජිකයෙක් බවට පත් වෙලා තිබුණා.ලේන් පැටියට අපි නැතුවත්, අපිට ලේන් පැටියා නැතුවත් ඉන්න බැරි වුනා.විශේෂයෙන් මට.ඒ බැදිම කොහොම ඇති වුනාද කියලා මට තවම හිතා ගන්න බැ.
කොයි මොහොතේ බැලුවත් ලේන් පැටියා කාගෙ හරී අතේ හුරතල් වෙනවා.අපි කවුරුත් ඒකට හරි ආසයි.මට මතක් වෙනවා පැටියා මගේ අතේ හිතලට තුරුලු වෙන හැටි.සෙල්ලම් කරන හැටි. මේ මතකය හැමදාම මගේ හිතේ තියේවී.මම හිතුවේ හැමදාමත් ලේන් පැටියා අපිත් සමග ඉදි කියලා.පැටියට තාම හරි හැටියකට කන්නවත් බෑ.කිරි විතරයි බිව්වේ.ඉතින් කොහොමද තනියම ජිවත් වෙන්න ඉඩ හරින්නේ පැටියට තනියම ජිවත් පුලුවන් දවසක අපිව දාල යයි කියලා මගේ හිත හැම තිස්සෙම කිව්වා.ඒත් මෙච්චර ඉක්මනට.....!!!!!!
ලේන් පැටියා කිරි බොන හැටි අපි කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ.දුවනවා,පනිනවා ඒ කාලේ කොච්චර සුන්දරද...මේක ලියන විටත් මගේ ඇහැට කදුලු උණන තරම්.ඒ තරමට ඒ අතිතයට මම ආදරෙයි.
"ලේන් පැටියා වටේ පූසෙක් කරක් ගහනවා" කියලා අපේ අම්මා සැරයක් දෙසැරයක් කිව්වත් මම ගණන් නොගත්තේ පූසාගේ විශේෂ හැසිරිම් රටාවක් මාහට දර්ශණය නොවු නිසාය.
මේ සිද්දිය උන දවසේ අපේ ගෙදර කවුරුත් හිටියේ නෑ.හිටියනම් ලේන් පැටියා තාමත් අපිත් එක්ක හුරතල් වෙනවා.ඒක ඉතින් පැටියගේ වෙලාව තමයි.වෙනදා වගේ ලේන් පැටියව මේසේ උඩ බත් කූඩය ඇතුලෙන් තියලා තමයි අපි කොහෙ ගියත් යන්නේ.අනික හැමදාම වගේ දොර ජනේල් සියල්ල වහල ගියත් මේ දවසේ.එක් ජනේලයක් වහලා යන්න අමතක වෙලා.
කවුද හිතන්නේ ගෙදරින් කාල,බීලා පූසා මෙහෙම දෙයක් කරයි කියලා.අපි කවුරුත් නැති වෙලේ අර ජරා පූසා උපරිම ප්‍රයෝජනේ අරන්.
අපි ටවුමට ගිහින් එන්න පැය 2,3, විතර ගියා.එතකොට වෙන්න තියන සේරම දේවල් වෙලා ඉවරයි.අපි ගෙදර ඇතුලු වෙද්දිම මේසේ ලග වීදුරුවක් බිම වැටිලා කැඩිලා තිබුනා.බැලින්නම් අසරණ ලේන් පැටියා එතන නෑ.මුලු ගේ ම පිරලා බැලුවත් පැටියා නෑ. ලේන් පැටියා අපිව දාල ඌගේ නිදහස සොයා ගෙන යන්න ඇති කියලා හිතලා අපි බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා.
මේ සිද්දිය වෙලා පැය 6,7 කට පසු මිදුල අතුගාමින් සිටි අම්මා එක පාරටම කැගන්න ගත්තා ලේන් පැටියා ඉන්නවා කියලා.මම ඉක්මණට දුවගෙන ආව ලේන් පැටියව ආදරෙන් වඩා ගන්න.දුවගෙන ආ මට ඇස් අදහා ගන්න බැරි සිදුවීමක් තමයි දර්ශණය උනේ.ලේන් පැටියා ගේ නිසළ මළ සිරුර බිම වැටි තිබ්බා.මට එතන දිම ඇඩෙන්න ආවත් මම හිත තද කරගෙන හිටියා.මොකද පැටියව ගෙදරට ගෙනාවේ මම
ඊට ටික වෙලාවකට පස්සේ අඩි පාරවල් කිහිපයකින් දැන ගන්න ලැබුනේ පූසා තමයි මේ වැඩේ කරලා තියන්නේ කියලා.මම ඒ මොහොතේ පූසාව හෙවුවත් එකව මට හොයා ගන්න බැරි උනා.සමහර විට පුසව මට ඒ වෙලාවේ අහුව්නානම් මම මොනා කරයිද කියලා හිතාගන්න බෑ.එච්චරටම ආවේගයකින් මම හිටියේ.
සිද්ද වෙච්ච දේ සිදු වෙලා ඉවරයි. තවත් මොකෙක් හරි සතෙකුට ලේන් පැටියා ආහාරයක් වෙන්න කලින් පාලු ස්තානයක ලේන් පැටියාගේ නිසල මල සිරුර මිහිදන් කලා.
මට සමා වෙන්න ලේන් පැටියෝ.මට ඒ වගකීම හරියට ඉශ්ට කරන්න බැරි උනා.මම ඒ වගකීම හරියට ඉශ්ට කලානම් අදත් ලේන් පැටියා අපිත් එක්ක ඉන්න තිබුනා.