Showing posts with label හිතන්නට. Show all posts
Showing posts with label හිතන්නට. Show all posts

2011-07-30

ආධුනියෙකුගේ අදහස්..


 කොහොමද.අලුත් මුහුණක් සමග වෙනස් වන්නට සිතුනා. මේ වෙනස් විමටත් එක්තරා හේතුවක් තියනවා.මම මේ දවස් වල බ්ලොගි වල කරක් ගහන කොට ආදුනිකයන්ට උපදෙස් බ්ලොග් කිහිපයකම දක්නට ලැබුනා.මා අන්තිමට ගොඩ වුනේ රාජ්ගේ නවාතැන ටයි.ඒ අයියත් ආදුනියන්ට හොද උපදෙස් මාලාවක් දී තිබෙනවා.මමත් තවම ආදුනිකයෙක් නේ.
මා දන්නෑ ආදුනියෙක් වශයෙන් බ්ලොග් අවකාශයේ කොතෙක් කල් සිටිය යුතුද කියා.මේ මාසය තුල ගොඩාක් පිරිස මා ඇතුලුව බ්ලොග් අවකාශයට සේන්දු වන සැටි ඔබ දකින්න ඇති.
ඒ සැම කෙනාටම (මා ඇතුලුව) බ්ලොග් අවකාශයේ රෑදි සිටිමටත් අපහසු බව මා දන්නවා.බ්ලොග් අවකාශයේ පල පුරුදු පුද්ගලයින් අප වැනි ආදුනිකයන් සදහා ඔවදන් නිතර ලබා දිය යුතුය යන්න මගේ මතයයි.මන්ද නැතිනම් අලුතින් බ්ලොගියක් අටවා බ්ලොග් අවකාෂයට ඇතුලුවන අප වැනි පුද්ගලයන් ආ පයින්ම බ්ලොගියත් හකුලා ගෙන ගෙදර යාමට සිදුවනු ඇත.
රාජ්ගේ නවාතැන පවසන අන්දමට නම් බ්ලොගියේ අන්තර් ගතය මිස බ්ලොගියේ අඩංගු වර්ණය, ගැජට් ප්‍රමාණය අනුව බ්ලොගිය ජනප්‍රිය නොවන බවය.

ආදුනිකයෙක් වශයෙන් මා ආදුනිකයන්ට කිවහැක්කේ මෙයයි.
බ්ලොගියේ අන්තර් ගතය පිළිබද දෙවරක් සිතන්න.පොස්ට් එකක් දාන්නම් වාලේ දැමීමෙන් වලකින්න.
දාන්න දෙයක් නැතිනම් නොදා ඉන්න.
බොරු දේවල් දැමිමෙන් ඔබගේ බ්ලොගිය අන් අයතරින් ප්‍රතික්ශේප   විමට ඉඩ ඇත.
තමන් ගේ බ්ලොගිය අන් අයට ප්‍රිය තාවයක් ඇති වෙන සේ තබා ගන්න.
තොරණ් දමා මල් වැල් ගොතා ඔබගේ බ්ලොගිය අපවිත්‍ර කර ගැනිමේන් වලකින්න.
මම මේ කියු දෙයින් කාට හෝ වැදගත් වුනොත් ඒ දෙය මගේ ඉදිරි ගමනට බලපාවි.

 ලෝකෙ වර්ග හතරක මිනිසුන් ඉන්නවා.
 
පලමු වර්ගය:හැමෝම කියන හැම හොදක්ම හැම නරකක්ම අහනවා පිලි පදිනව

දෙවන වර්ගය:
 
කියන දේ තෙරුම් අරගෙන
තමන්ට ගැලපෙන හොද දෙයක් නම් එය පිළි පදිනවා


 තුන්වෙනි වර්ගය: 
දෙයක් කලින් කිවුවට කොහොමත් අහන්නෙ නෑ
හැබැයි දෙයක් උනාම අත්දැකිමෙන් එය තෙරුම් ගන්නවා.

හතරවැනි වර්ගය:
 
කිවුවට අහන්නෙත් නෑ,අත්දැකිමෙන් ඉගෙන ගන්නෙත් නෑ,කොහොමටවත් අහන්නෙ නෑ
හිතෙන දේ හිතෙන වෙලාවට කරනවා

ඔබ කොයි වගේද?



2011-07-28

කෝ.කෝ හිනාවෙන්න බලන්න..


හැමෝම හැමදේම කරන්නේ හිනා වෙලා ඉන්නයි
අපිට කාවහරි හිනස්සවන්න පුළුවන්නම්.
පුන්චි වෙලාවකට හිනැස්සුවත් කාව හරි හිනස්සල සතුටු කරන්න පුළුවන්නම්.
ඊට වඩා දෙයක් මේ ලෝකේ තවත් නෑ කියලයි මට හිතෙන්නේ



අපේ මිනිස්සුන්ට දෙයක් මතක් හිටින්නේ සතියක් වගේ සුළු කාලයක්
ඒකත් හිතට හොදටම කාවැදුනු දෙයක් නම් පමණයි.
අඩුම තරමේ සතියක් විතර එක හිනාවක් පවතින්න හිනස්සවන්න පුළුවන්නම්,අමාරුයි තමයි.


ඒ වුනාට කෙනෙකුට සිනහව අවශ්‍යම මොහොතකදි හිනස්සවන්න පුළුවන්නම්....
ඒ කෙනාගේ ජිවිතයම සතුටින් තියන්න පුළුවන් හිනාවක් වෙයි.