2011-11-04

3000 ප්‍රිතිය නිමිත්තෙන් one man show ..!


හායි....මම කලින් දාපු පෝස්ට් එක බලන්න ඇතිනේ.බැලුවෙ නැත්තම් ඉකමනට බලලා එන්නකො මෙතනින්.
මම ඉතින් එකෙදි නිකමට ඇහුවා කාටද මාව මතක කියලා.?ඒකට ලැබුණු ප්‍රතිචාර වලින්ම මම තේරුම් ගත්තා හිට්ස් 3000 පහුකරත් මම නැවතත් බ්ලොගිය පටන් ගත්ත තැනම නේද කියලා.ඒ ඉතින් මගේ අඩුපාඩුවක් මිසක් මම කිසිම මොහොතක කිසිකෙනෙකුගේ වැරැද්දක් කියන්නෙ නැ..(ඇයි යකෝ මේකාගෙ වැරදි වලට අපි පලි යැ..)දැන් ඉතින් වෙන මොනා කරන්නද අලුතින් පටන් ගන්නවා මිසක්..


හිට්ස් 3000 පහුකරපු එක ගැනනම් හිතෙ සතුටක් තියනවා මොකද හරියටම මාස දෙකකින් ඒ කිව්වේ පෝස්ට් 12 කින් පහුකරපු එක ගැන.ඒක හින්දා අද මේ සතුට සමරන්නම ඔනා..ඕනි කිව්වට මට තනියම තමයි පැදුරු පාටිය දාන්න වෙන්නෙ.  නැතුව ඉතින් අහල පහල ගෙවල් වල එවුන් ඒවි යැ මාත් එක්ක මේ සතුට සමරන්න.
පැදුරු පාටියේ අතුරු ප්‍රතිපලයක් සිදුවුනොත් නම් අහල පහල ගෙවල් වල මිනිස්සු එයි.අපේ පවුලේ හත්මුතු පරම්පරාවම මතක් කරගෙන.ඒක හින්දා අද මට කරන්න  වෙන්නේ one man show එකක් තමයි.

හොව් හොව්..පාටිය පටන් ගන්න කලින් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ස්තුතියි කතාව කරන්න.

(උගුර පාදමින්...)

ශ්‍රි ලාංකියවාසි සියලුම බ්ලොග් හිතමිතුරන් ගෙන් අවසරයි.
දයාබර අක්කලාගෙන්ද,
අයියලා ගෙන්ද අවසරයි.

මම මේ අවස්තාවේදි සියලුම මගේ හිතමිතුරන්ට මගේ ස්තුතිය ප්‍රදානය කරනවා.මා මේ තත්වයට එසේත් නැතිනම් හිට්ස් 3000 පසුකරලිමේ මොහොත මා හට ලගා කරදිම පිලිබදව.තවද මා කෙරෙහි විශ්වාසය තබා මා හා රැදුනු ඔබ සැමට ස්තුතියි.
එමෙන්ම මෙතෙක් දුරට මා සමග රැදුනු ඔබ ඉදිරියටත් මා සමග රැදි සිටි යන බලාපොරොත්තුව මත මා මේ ස්තුතියි කතාව මෙයින් අවසන් කරමි.....
                                          ස්තුතියි

හරි දැන් සුබ මොහොතින් සාජ්ජය ආරම්බකරන්නයි මේ සූදානම..
ඔන්න එකා............යි දෙකා............යි තුනා........යි.

2011-11-03

අතුරුදහන් වී නැවත පැමිණියෙමි...



හායි.....................කොහොමද යලුවනේ.දීර්ග කාලකට පස්සෙ ඔන්න පිඩියා බ්ලොගිය පැත්තෙ ආව...මකුලු දැල් වලින් බ්ලොගිය පිරි ඉතිරිලා ගිහින් නොවැ තිබ්බේ.මකුලු දැල් සේරෝම කඩලා දාල ඔප මට්ටම් කරලා අලුත් මූණු දාල ගන්න සැහෙන වෙලා වක් ගියා නේ.. දැන් ඉතින් අලුතින් අලුත් ආකාරයකට පෙරසේ ලියන්නයි මේ සුදානම්..

කට්ටියට මාව මතකද දන්නෙ නැ..මම හරියටම මාසයක් නැත්තම් එක හමාරක් අතුරු දහන් වෙලා හිටියනේ.ඒ අතුරු දහන් වීම හින්දා යාලුවන්ගේ එක බ්ලොග් එකක් වත් කියවන්න හම්බ උනේ නැ.......!
අද ඉදන් ඔන්න නමෝ විත්තියෙන්ම පටන් ගත්තා නැවතත් බ්ලොග් කියවන්න සහ ලියන්න..

හරි දැන් බලමු කාටද මාව මතක තියෙන්නෙ කියලා...

කෝ කෝ අත උස්සන්න මාව මතක අය.......!!! 

2011-08-19

සිතට එන දේ ඔහේ ලිවුවා..කැමතිනම් කියවන්න...

අද දවසේ වෙලාව යන්නෙත් නෑ වගේ.කොහෙවත් යන්න වත් හිතෙන්නෙ නෑ.අහස කලු කොරොලා.දැන් වහි,දැන් වහි වගේ.ඒ ඇස්සේ බඩත් අශ්පෙට් කොරලා.ටොයිලට් පැත්තේ එහෙම රවුමක් දාල ඒ කෙරුවාවල් අහවර කොරලා ඇදට වෙලා හිටියා..

පාඩම් කරනවද කියලා හිතුවත් ඒකට හිත දුන්නෙ නෑ.ඊට් පස්සේ හිතුනේ කොම්පීතරේ දාල බ්ලොග් කියවනවද කියලා.ඔන්න ඒකට නම් එහෙම් පිටින්ම හිත ගියා.මේ දවස් වල ඒකත් ලේසි නෑ.හදිසියෙ වත් කොම්පීතරේ දාල කියලා අම්ම දැන ගත්තොත් බර බරේ තමයි.

උදේ පාන්දරම බැනුම් කෝටියයි.මොකද ගිය මාසේ විදුලි බිල කියද දන්නවද? දන්නෙ නෑ නේ...රුපියල් 2000 ත් පැනලා.රුපියල් දෙදහක් කියන්නේ ....කජු ඇටද කොස් ඇටද....රුපියල් 2000 කියන්නේ අපේ පවුලට දැනෙන ගානක්.හරියට කියනවනම් බර ගානක්..

අපේ තාත්තලාට රජයේ ජොබ් නෑ.ත්‍රි වීල් දෙයියෙක් තමයි ඉන්නෙ(අපේ කාලයේ ත්‍රි වීල් රජා.)ඒකත් දැන් සති දෙකකට කලින් අහක යන ත්‍රි වීල් එකක් ඔලුවට(අපේ ති වීල් එකේ උඩට) කඩාගෙන වැටුනා.සති දෙකක ඉදන් ඒක හදනවා.ඒක හදන්නත් බර ගානක් යනවා කියලා අපේ තාත්තා අම්මට කියනවා මම අහගෙන හිටියා..තත්තත් දැන් සති දෙකක ඉදන් ගෙදර.මටත් අත පය හකුලන් ගෙදරට වෙලා ඉන්න පුලුවන් ඇ..

ඉතින් මෙහෙම වෙනකොට කොහොමද කොම්පීතරේ දාගෙන නිදහසේ අන්තර්ජාලයේ සැරි සරන්නේ.ආ කොහොමද???...තව එක අවුරුද්දක් ඉස්කෝලෙ බඩ ගාන්න ඕනි.ඊට පස්සේ කොහොම හරි ජොබ් කට්ටක් හොයා ගන්න ඕනි.මට හැමදාම ගෙදරින් කකා බිබී ඉන්න බෑ නේ...

කොල්ලෙක් උනහම අනිවා ජොබ් එකක් කරන්න ඕනි නේ.ලොකු ලොකු පවුල් වල උදවියට නම් ඕනි නෑ.අපි පොඩි උදවිය නේ.ඉතින් පවුලේ දෙන්නෙක් වත් ජොබ් කරන්න ඕනි පොඩි පවුලක් සාමන්‍ය මට්ටමෙන් හරි ජිවත් වෙන්න...තාත්තගේ ත්‍රි වීල් එක අද තියෙයි හෙට නැති වෙයි(සති 2 ඉදන් නෑ)...
-------------------------------------------------------------------------------------

 __________A/L ජිවිතේ_________

උසස් පෙළ කරන්න ඉස්කෝලෙ යන්න තියන්නෙ තව හරියටම අවුරුද්දයි.එක අවුරුද්දක් ඉවර වුනා දන්නෙම නැතුව.හරියට නිකන් අද ඊයේ වගේ.කියන්න කණගාටුයි තවම හරියට පාඩම් කරන්නවත් සෙට් උනේ නෑ.කොච්චර පාඩම් කරනවා,විභාගේ ගොඩ දාගන්නවා කියලා හිතුවත් පරණ ගති පැවතුම් අත්හරින්න අමාරුයි.....(අපි කවදද නිදි මරාගෙන පාඩම් කලේ).......O/L වලටවත් මම නිදි මරාගෙන පාඩම් කලේ නෑ.ඒ උනාට ගොඩ..

11 වසරේ හැම පාරම 25 වෙනියගෙන් උඩට ඇවිල්ලම නෑ.මම කිවුවේ මේ වාර විභාග වලින්.ඒ උනාට සම්මාන තුනක් එක්ක විභාගේ ගොඩ දාගත්තා.සමහර විට වාසනාවට හරි අවාසනාවට හරි වෙන්න ඇති..O/L කරන දවස් වල හැම තිස්සෙම හිතුනේ O/L විභාගේ ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ..ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා..... 
දැනුත් කල්පනා වෙන්නේ A/L ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ, ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද...අන්න ඔය වගේ දේවල්..


මේ නිවාඩු මාසේ ඉවර වෙන්න කලින් එඩිසන් බංගලාව පැත්තේ සංචාරයකට කොල්ලො ටික සෙට් කරගන්න බලන්න ඕනි.ආය ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වැඩේ අමාරු කරනවනේ..ආ.....සමහරු දන්නවද දන්නෙත් නෑ එඩිසන් බංගලාව මොකක්ද කියලා..එඩිසන් බංගලාවේ ඇතුලාන්ත කතාව මොකක්ද කියලා මම දන්නෙත් නෑ..බංගලාව පැත්තේ සංචාරයක් ගියොත් හොයාගෙන එන්න පුලුවන් වෙයි.මම දන්නෙත් එඩිසන් බංගලාවක් තියනවා කියලා විතරයි...
එඩිසන් ගියොත් හොද ෆන් එකක් ගත හැහිවෙයි..පහල පින්තූරේ තියන්නේ එඩිසන් බංගලාව තමයි...මේකේ පහළ වතු තියනවා...එක එක ජාති වගා කරලා තියන්නේ(එළවලු,පළතුරු,තව තව දේවල්)ඒවයේ රස බලන්නත් බැරි වෙන්නෙ නෑ...

ආ ඉන්න චුට්ටි තොරතුරු ටිකක් හොයා ගත්තා..

"මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව

ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව"
                                                                     තොරතුරු: www.beautiful-srilanka.blogspot.com/


ඇ මම මේ මොනාද ලියලා තියන්නේ.බඩේ අමාරුවටත් එක්ක ඔහේ ලියලා.දැන් ඉතින් මොනා කරන්නද.ලියපු එක කවුරු හරි කියවන්නෙ නැතැයි..බඩේ අමාරුව තවම තියන නිසා ලිය වෙයි තව ටිකක්.ඒත් පොස්ට් එක දිග වෙන විතරයි නේ වෙන්නේ

තව එකක් තියනවා කියන්න. කලින් තිබ්බ ටෙම්ප්ලෙට් දෙයියා මාත් එක්ක තරහා වෙලා පට්ට ස්ලොව් කරන්න ගත්තා...මම හිතන්නෙ  වෙන වෙබ් වලින් හොයා ගත්ත නිසා හරි මගේ අතින් HTMLඑක වැරදියටවත් EDIT උනාද මන්දා (මෝඩ කමට)......ඒක නිසා බ්ලොගර් එකෙන්ම දෙන ටෙම්ප්ලෙට් එකකට මාරු උනා......

..එහෙනම් මම නවතිනවා....

2011-08-13

මට සමා වෙයං ලේන් පැටියෝ.........

ඊයේ මට හරි කණගාටු දවසක්.ඒ මොකද කියලා කියන්නයි මම මේ හදන්නේ.
ඒ දැනට මාස 3 කට පෙර අපේ පවුල හා සම්බන්ද වුනු පුංචි ලේන් පැටියෙක් නිසා.මේ ලේන් පැටියා මට හම්බ වුනේ අපේ ගෙදරට අල්ලපු වත්තේදි.ඌ හොදටම අසරණව,අතරමං වෙලා හිටියේ.මගේ සත්ව කරුණාව නිසාම පැටියාව ගෙදර ගෙනාවේ හොදින් රෑක බලා ගෙන දවසක නිදහස් කරන්නම් සිතා ගෙනය.නමුත් පැය,දින,මාස ගනන් ගෙවී යද්දී අපටත් නොදැනිම ලේන් පැටියා පවුලේ සාමජිකයෙක් බවට පත් වෙලා තිබුණා.ලේන් පැටියට අපි නැතුවත්, අපිට ලේන් පැටියා නැතුවත් ඉන්න බැරි වුනා.විශේෂයෙන් මට.ඒ බැදිම කොහොම ඇති වුනාද කියලා මට තවම හිතා ගන්න බැ. 

කොයි මොහොතේ බැලුවත් ලේන් පැටියා කාගෙ හරී අතේ හුරතල් වෙනවා.අපි කවුරුත් ඒකට හරි ආසයි.මට මතක් වෙනවා පැටියා මගේ අතේ හිතලට තුරුලු වෙන හැටි.සෙල්ලම් කරන හැටි. මේ මතකය හැමදාම මගේ හිතේ තියේවී.මම හිතුවේ හැමදාමත් ලේන් පැටියා අපිත් සමග ඉදි කියලා.පැටියට තාම හරි හැටියකට කන්නවත් බෑ.කිරි විතරයි බිව්වේ.ඉතින් කොහොමද තනියම ජිවත් වෙන්න ඉඩ හරින්නේ පැටියට තනියම ජිවත් පුලුවන් දවසක අපිව දාල යයි කියලා මගේ හිත හැම තිස්සෙම කිව්වා.ඒත් මෙච්චර ඉක්මනට.....!!!!!!

ලේන් පැටියා කිරි බොන හැටි අපි කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ.දුවනවා,පනිනවා ඒ කාලේ කොච්චර සුන්දරද...මේක ලියන විටත් මගේ ඇහැට කදුලු උණන තරම්.ඒ තරමට ඒ අතිතයට මම ආදරෙයි.

"ලේන් පැටියා වටේ පූසෙක් කරක් ගහනවා"  කියලා අපේ අම්මා සැරයක් දෙසැරයක් කිව්වත් මම ගණන් නොගත්තේ පූසාගේ විශේෂ හැසිරිම් රටාවක් මාහට දර්ශණය නොවු නිසාය.

මේ සිද්දිය උන දවසේ අපේ ගෙදර කවුරුත් හිටියේ නෑ.හිටියනම් ලේන් පැටියා තාමත් අපිත් එක්ක හුරතල් වෙනවා.ඒක ඉතින් පැටියගේ වෙලාව තමයි.වෙනදා වගේ ලේන් පැටියව මේසේ උඩ බත් කූඩය ඇතුලෙන් තියලා තමයි අපි කොහෙ ගියත් යන්නේ.අනික හැමදාම වගේ දොර ජනේල් සියල්ල වහල ගියත් මේ දවසේ.එක් ජනේලයක් වහලා යන්න අමතක වෙලා.

කවුද හිතන්නේ ගෙදරින් කාල,බීලා පූසා මෙහෙම දෙයක් කරයි කියලා.අපි කවුරුත් නැති වෙලේ අර ජරා පූසා උපරිම ප්‍රයෝජනේ අරන්. 

අපි ටවුමට ගිහින් එන්න පැය 2,3, විතර ගියා.එතකොට වෙන්න තියන සේරම දේවල් වෙලා ඉවරයි.අපි ගෙදර ඇතුලු වෙද්දිම මේසේ ලග වීදුරුවක් බිම වැටිලා කැඩිලා තිබුනා.බැලින්නම් අසරණ ලේන් පැටියා එතන නෑ.මුලු ගේ ම පිරලා බැලුවත් පැටියා නෑ. ලේන් පැටියා අපිව දාල ඌගේ නිදහස සොයා ගෙන යන්න ඇති කියලා හිතලා අපි බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා.
මේ සිද්දිය වෙලා පැය 6,7 කට පසු මිදුල අතුගාමින් සිටි අම්මා එක පාරටම කැගන්න ගත්තා ලේන් පැටියා ඉන්නවා කියලා.මම ඉක්මණට දුවගෙන ආව ලේන් පැටියව ආදරෙන් වඩා ගන්න.දුවගෙන ආ මට ඇස් අදහා ගන්න බැරි සිදුවීමක් තමයි දර්ශණය උනේ.ලේන් පැටියා ගේ නිසළ මළ සිරුර බිම වැටි තිබ්බා.මට එතන දිම ඇඩෙන්න ආවත් මම හිත තද කරගෙන හිටියා.මොකද පැටියව ගෙදරට ගෙනාවේ මම

ඊට ටික වෙලාවකට පස්සේ  අඩි පාරවල් කිහිපයකින් දැන ගන්න ලැබුනේ පූසා තමයි මේ වැඩේ කරලා තියන්නේ කියලා.මම ඒ මොහොතේ පූසාව හෙවුවත් එකව මට හොයා ගන්න බැරි උනා.සමහර විට පුසව මට ඒ වෙලාවේ අහුව්නානම් මම මොනා කරයිද කියලා හිතාගන්න බෑ.එච්චරටම ආවේගයකින් මම හිටියේ.

සිද්ද වෙච්ච දේ සිදු වෙලා ඉවරයි. තවත් මොකෙක් හරි සතෙකුට ලේන් පැටියා ආහාරයක් වෙන්න කලින් පාලු ස්තානයක ලේන් පැටියාගේ නිසල මල සිරුර මිහිදන් කලා.

මට සමා වෙන්න ලේන් පැටියෝ.මට ඒ වගකීම හරියට ඉශ්ට කරන්න බැරි උනා.මම ඒ වගකීම හරියට ඉශ්ට කලානම් අදත් ලේන් පැටියා අපිත් එක්ක ඉන්න තිබුනා.

2011-08-01

උපන් දිනේ කාපු කට්ට....!!!


 කොහොමද.අද මගේ ජිවිතයේ වැදගත් දවසක්.මේ නොදරුවා නොදැනුවත්වම වයස 18 ලබලා ඕං.මං දැන් ලොකු ලමයෙක් නොවැ.මට අද හලී සතුටුයි.තවත් සතුටක් තියනවා ඒක තමයි ඊයේ දවසේ මගේ බ්ලොග් එකේ හිට්ස් 1000 පැන්න.ඒකට මම හැම දෙනාටම ස්තුතියි.දවස තිස්සෙම අරයගෙන් මෙයාගෙන් සුබ පැතුම් එනවා ඉවරයක් නෑ.උදේ පොඩි කට්ටකුත් කෑවා ආය උපන් දිනේ කියලා නෑ.උදේම අම්මත් එක්ක ගෙන යන්න උනා හොස්පිට්ල්(ඉස්පිරිතාලය)එකට අම්මට සනිප නෑ. වෙනදා උපන් දිනේට කන කිරිබතත් අද නැති වුනා.උදෙම දුක් සීන්..
ඒ විතරක් ඇ මම එච්චර ටවුමේ රස්තියාදුවට කැමති නෑ.ඔය ක්ලාස් තියන දවසට ඇරුනම. උදේ පැය 3 විතර ඉස්පිරිතාලයේ කට්ටක් කාල ගෙදර යන්න හිතාගෙන ටවුමට එනකොට ටවුම පුරා ත්‍රිවීල් කාරයෝ උද්ගෝෂණයක්(ස්ට්‍රයික්) පටන් ගෙන.හැම තැනම බ්ලොක් වෙලා පාරේ යන්නත් බෑ.මට නේද ඉතින් මල...!!ඇයි යකෝ කර ගන්න මල මගුලක් පාරේ යන මිනිස්සුන්ට කරදරයක් නොවී කරගනින් කො.

 මම ඉන්නේ බදුල්ලේ.කලින් කියලා නැතුව ඇති.බදුල්ල පැත්තෙන් බ්ලොග් කාරයෝ අඩුයි කියලා මට හිතෙන්නේ.මම දැකලා තියෙන්නේ බ්ලොග් දෙක තුනක්.මම නොදැකපු ඔබ දැක ඇති බ්ලොග් තව තියෙන්න පුලුවන්.ටවුමේ ඉදන් අපේ ගෙවල් පැත්තට එන්න ත්‍රිවීල් තියනවා.බස් වලට වඩා තියෙන්නෙ ත්‍රි වීල් තමා.අපි ඒවට කියන්නෙ "දහයේ කෑලි" කියලා.අපි ඉතින් ඕවට රුපියල් දහයක් දීලා තමයි ටවුමට එහෙම එන්නේ.ඔය සමහරුන් ගේ පැතිවලත් ඇති මෙහෙම ත්‍රි වීල්.බැලින්නම් බොලේ මේ වීල් වලට එරෙහිව තමයි අනිත් ත්‍රි වීල් කාරයෝ උද්ගෝෂණය කරන්නෙ "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් නිසා "හයර්" දුවන ත්‍රිවීල් වලට බඩේ පාර වදිනවා කියලානේ ඔය කියන්නෙ..ඒ මේ හුට්ටප්පර වලින් "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් එකක් වත් හොයා ගන්න නෑ.හැංගිලාද කොහෙද..!! 
දැන් ඉතින් ගාටපන්කෝ පයින් කියලා අම්මා වත් එක්කගෙන.අම්මටත් දැන් ටිකක් අමාරුයි වගේ. හති දම දමා බාගයක් දුර යනකොට දෙයියෝ බුදුන් දැක්කා වගේ සීමා සහිත ලංගම බස්රථයක් ඇවිල්ලා අපිව දා ගත්තා.ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා ගෙදරට ගොඩ උනා.ඔන්න ඕකයි මගේ උපන් දින සිදු වීම.මේ දවස නම් මට කවදාවත් අමතක නොවී තියෙයි.
මොන වැඩේ,සිදුවීම තිබුනත් බ්ලොග් පැත්තේ එන එක නම් නවතින්නෙම නෑ.ඒක නිසා අදත් ආව ඕං

2011-07-30

ආධුනියෙකුගේ අදහස්..


 කොහොමද.අලුත් මුහුණක් සමග වෙනස් වන්නට සිතුනා. මේ වෙනස් විමටත් එක්තරා හේතුවක් තියනවා.මම මේ දවස් වල බ්ලොගි වල කරක් ගහන කොට ආදුනිකයන්ට උපදෙස් බ්ලොග් කිහිපයකම දක්නට ලැබුනා.මා අන්තිමට ගොඩ වුනේ රාජ්ගේ නවාතැන ටයි.ඒ අයියත් ආදුනියන්ට හොද උපදෙස් මාලාවක් දී තිබෙනවා.මමත් තවම ආදුනිකයෙක් නේ.
මා දන්නෑ ආදුනියෙක් වශයෙන් බ්ලොග් අවකාශයේ කොතෙක් කල් සිටිය යුතුද කියා.මේ මාසය තුල ගොඩාක් පිරිස මා ඇතුලුව බ්ලොග් අවකාශයට සේන්දු වන සැටි ඔබ දකින්න ඇති.
ඒ සැම කෙනාටම (මා ඇතුලුව) බ්ලොග් අවකාශයේ රෑදි සිටිමටත් අපහසු බව මා දන්නවා.බ්ලොග් අවකාශයේ පල පුරුදු පුද්ගලයින් අප වැනි ආදුනිකයන් සදහා ඔවදන් නිතර ලබා දිය යුතුය යන්න මගේ මතයයි.මන්ද නැතිනම් අලුතින් බ්ලොගියක් අටවා බ්ලොග් අවකාෂයට ඇතුලුවන අප වැනි පුද්ගලයන් ආ පයින්ම බ්ලොගියත් හකුලා ගෙන ගෙදර යාමට සිදුවනු ඇත.
රාජ්ගේ නවාතැන පවසන අන්දමට නම් බ්ලොගියේ අන්තර් ගතය මිස බ්ලොගියේ අඩංගු වර්ණය, ගැජට් ප්‍රමාණය අනුව බ්ලොගිය ජනප්‍රිය නොවන බවය.

ආදුනිකයෙක් වශයෙන් මා ආදුනිකයන්ට කිවහැක්කේ මෙයයි.
බ්ලොගියේ අන්තර් ගතය පිළිබද දෙවරක් සිතන්න.පොස්ට් එකක් දාන්නම් වාලේ දැමීමෙන් වලකින්න.
දාන්න දෙයක් නැතිනම් නොදා ඉන්න.
බොරු දේවල් දැමිමෙන් ඔබගේ බ්ලොගිය අන් අයතරින් ප්‍රතික්ශේප   විමට ඉඩ ඇත.
තමන් ගේ බ්ලොගිය අන් අයට ප්‍රිය තාවයක් ඇති වෙන සේ තබා ගන්න.
තොරණ් දමා මල් වැල් ගොතා ඔබගේ බ්ලොගිය අපවිත්‍ර කර ගැනිමේන් වලකින්න.
මම මේ කියු දෙයින් කාට හෝ වැදගත් වුනොත් ඒ දෙය මගේ ඉදිරි ගමනට බලපාවි.

 ලෝකෙ වර්ග හතරක මිනිසුන් ඉන්නවා.
 
පලමු වර්ගය:හැමෝම කියන හැම හොදක්ම හැම නරකක්ම අහනවා පිලි පදිනව

දෙවන වර්ගය:
 
කියන දේ තෙරුම් අරගෙන
තමන්ට ගැලපෙන හොද දෙයක් නම් එය පිළි පදිනවා


 තුන්වෙනි වර්ගය: 
දෙයක් කලින් කිවුවට කොහොමත් අහන්නෙ නෑ
හැබැයි දෙයක් උනාම අත්දැකිමෙන් එය තෙරුම් ගන්නවා.

හතරවැනි වර්ගය:
 
කිවුවට අහන්නෙත් නෑ,අත්දැකිමෙන් ඉගෙන ගන්නෙත් නෑ,කොහොමටවත් අහන්නෙ නෑ
හිතෙන දේ හිතෙන වෙලාවට කරනවා

ඔබ කොයි වගේද?



2011-07-28

කෝ.කෝ හිනාවෙන්න බලන්න..


හැමෝම හැමදේම කරන්නේ හිනා වෙලා ඉන්නයි
අපිට කාවහරි හිනස්සවන්න පුළුවන්නම්.
පුන්චි වෙලාවකට හිනැස්සුවත් කාව හරි හිනස්සල සතුටු කරන්න පුළුවන්නම්.
ඊට වඩා දෙයක් මේ ලෝකේ තවත් නෑ කියලයි මට හිතෙන්නේ



අපේ මිනිස්සුන්ට දෙයක් මතක් හිටින්නේ සතියක් වගේ සුළු කාලයක්
ඒකත් හිතට හොදටම කාවැදුනු දෙයක් නම් පමණයි.
අඩුම තරමේ සතියක් විතර එක හිනාවක් පවතින්න හිනස්සවන්න පුළුවන්නම්,අමාරුයි තමයි.


ඒ වුනාට කෙනෙකුට සිනහව අවශ්‍යම මොහොතකදි හිනස්සවන්න පුළුවන්නම්....
ඒ කෙනාගේ ජිවිතයම සතුටින් තියන්න පුළුවන් හිනාවක් වෙයි.

2011-07-26

කම්බි ගහලා ඕයි..........!!!


සුබ සැන්දෑවක්.මම මේක ලියන්න හිතුවේ ඊයේ හවස ඉදන්.පාසල් වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල උනා.දැන් ඉඩක් ලැබුන නිසා බ්ලොගිය පැත්තේ එන්න හිතුනා.

අද මම කියන්න යන්නේ අපේ ගමේ දෙයක් ගැන.අපේ ගමේ තිබුනා සැලකිය යුතු ප්‍රමානයේ ලොකු පිට්ටනියක්.අපි පොඩි කාලේ ඉදන් සරුංගල් යැවුවේ,බයිසිකල් පැද්දේ, දාන හැම සෙල්ලමක් ම දැම්මේ මේ පිට්ටනියේ තමයි. අවුරුදු 15කටත් කලින් ඉදන් ගමේ කොල්ලො කුරුට්ටෝ ටික සෙල්ලමට සෙට් උනේ මේ පිට්ටනියටයි. අද වෙනකොට සීමා ලකුණු කොරලා.කටු කම්බි ගහලා.සැරින් සැරේ කම්බි ගැහුවත් ඒවා කඩා දාලා අපි පිට්ටනිය නිදහස් කර ගත්තා.සිත්සේ වටපිටාව දෙවනත් වෙන්න සංගිත සංදර්ශන (ජන්ද කාලෙට)පවා පැවැත් වුනේ මේ පිට්ටනියේ තමයි.පොඩි කාලයේ පිට්ටනිය අපේ කියා සිතුවත්,සැරි සැරේ කටු කම්බි ගැසිම නිසා කවදා හෝ දිනක අපි සැමටම මේ පිට්ටනිය නැතිවි යන බව අපි  දැන සිටියා.


ඉස්සර ඉස්කෝලේ ඇරලා ගෙදර ආපු ගමන් දුවන්නේ පිට්ටනියට තමයි.ගමේ සමහර ලමයි පාසල් යන්නේ නෑ.එක නිසා මම යනකොටත් සෙල්ලමට ගමේ කොල්ලො සුදානමෙන්.මම නැතිව උන්ට සෙල්ලම් කරන්න බෑ.මොකද බැට් එකයි,බෝලෙයි තියෙන්නේ මං ගාවනේ.
අපේ සෙට් එකට ප්‍රශ්නයක් ආවත් සෙට් වෙන්නේ පිට්ටනියේ අයිනේ තියන මාර ගහ ලගට තමයි.මාර ගහ අපේ කතා කොච්චර නම් අහගෙන ඉන්න ඇද්ද?ඒ විතරක් ඇ....හවසට පොඩි පොඩි ෆන් ගන්න සෙට් වෙන්නේත් ඔය මාර ගහ මුලටම තමයි.ඒවා දන්නෙත් ඉතින් මාර ගහම තමයි.

තවත් සමහරු අලුතින්ම ගත්ත වාහනේත් පාරට දාන්න කලින් දාන්නේ පිට්ටනියට තමයි.වෙන මොහොකටවත් නෙමෙයි.පුරුදු වෙන්න. අද වන විට එයද කටු කම්බි ආක්‍රමණය කර ඇත.තව ටික කලකින් පිට්ටනිය තුල ගෙවල් හදයි කියලා මට හිතෙනවා.


ගෙවල් හදන එක මම වැරදියි කියන්නේ නෑ.එත් කාලයක් තිස්සේ වැඩි දෙනෙකුගේ ආදරය රැදි තියෙන මේ පිට්ටනියම තෝරා ගත්තේ ඇයි දැයි මගේ සිතේ හට ගන්නා කුතුහලයයි.

අයිති කාරයෝ හිටියත් නැතත්, පිට්ටනිය මම ගෙදර ගෙනියන්නේ නැතත්  මම පිට්ටනියට අදටත් ආදරෙයි.............

2011-07-24

Case වල අලුත්ම තත්වය.....

අපි දාගන්න Case වල හැටියට නිතරම අළුත්වන Case සම්ප්‍රදායක් තමයි අපිට තියෙන්නේ.....
අහක යන Case අපිට වැටෙනවා,අපි ඉන්න බැරුවට Case දාගන්නවා,සමහරු අපිට Case දානවා,ඉතින් එන්න ඒ තමයි Case වල තත්වේ.

අපි මොකක් හරි Case එකක් දාගන්නවනම් හරි බයයි.Full upset මාර Case එකක් තමයි ඒක ඒ වෙලාවට.හැබැයි Case එකක් තියෙද්දි තව Case එකක් දාගන්න කොට....කොහොමද?

එතකොට අපිට ඒ Case එක තමයි Case එක වෙන්නේ.මුල් Case එක අපිට එච්චර ගානක් නෑ..ඉතින් මම Case හොදයි කියන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි.
 පුළුවන් තරම් අලුත් Case වලට යන්න බලන්න.
මම මෙහෙම කිව්වට වැරෑද්දක් නැ මයේ හිතේ...මොකද
මම කිවුවත් නැතත් ඔයාල Case දාගන්නවනේ.................!!!!

2011-07-23

සිතුවිලි නැති වු දා.........



වෙලාව දැන් හවස 6.30 ටත් ලගයි. අද දවස.....කම්මැලි කමෙන් පටන් ගෙන කම්මැලි කමෙන්ම අවසන් වන්නට ඇත්තේ තව හෝරා කිහිපයකි.දවස ගැන ආපස්සට සිතන්නට කිසිවක් නැත.
එක හින්දා මොකක් වත් හිතෙන්නෙත් නෑ.නමුත් මේසා විසල් ලෝකය පිලිබද සිතන්නට මා හට අපමණ කරුනු ඇත.නමුත් මේ අවස්තාවේ මා සිතට
එන කරුණු ඔබ හා බෙදා ගැනිමට අකමැත්තේය.මන්දයත් ඔබට මෙම බ්ලොගිය අප්‍රිය විමට ඇති ඉඩ කඩ වැඩි නිසාය.


ඒක හින්දා පසුව හමු වෙමු..

                                                                      මීට,
                                                                      මී හරක් පිඩියා

ඔය හැලෙන්නෙ රම්පෙට පොරි පොකුරු පොකුරු

මම කලින් කිව්වානේ මම හරි කම්මැලියෙක් කියලා.බ්ලොග් එක පටන් ගත්තට පස්සේ එක වෙනස් වෙනවාද මන්දා.

අලුත් දිනයක අලුත් ආරම්බයක්.දවස සෙනසුරාදා මම හිතන විදිහට හරිම කම්මැලි මරුමුස් දවසක්.එක අතකට බලනකොට ඒ දවසේ වැරැද්ද නෙමෙයි දවස ගතකරන විදිහේ වැරැද්ද කියලයි හිතෙන්නේ.මම කලින් කිව්වනෙ A/L මම කරනවා කියලා.පාඩම් වැඩ කරන්න නම් සෙනසුරාදා තවම් හොද දවසක් තවත් නැ.ඒ කියලා පොතේ එල්ලිලා ඉන්න මම කැමත් නෑ. සමහරු සතියේ දවස් වල වැඩ කරලා සෙනසුරාදා නිදහසේ ගත් කරන්න හිතාගෙන ඇති.ඒක තම තමන්ගේ සිතුම් පැතුම් ක්‍රියා කලාපය මත සිදුවන දෙයක්.

මට හිතුනා මේ ගැනත් ඔයාලට කියන්න.මි හරක් පිඩියා කියලා මගේ බ්ලොග් එක හදුන්වා දුන්න නිසා මේ අඩවිය බලන්න ආපු අය වැඩි පිරිසක් හිතන්න ඇති මේක තවත් එක පිස්සෙක් ගේ බොරු බ්ලොග් පටන් ගැනිල්ලක් කියලා.නමුත් මම එහෙම හිතනවාට කැමති නෑ.මොකද මම මේ නම දාන්න හිතුවේ එක්තරා සිදුවිමක් අලලා.අතේ ඇගිලි පහම එක වගේ නෑනේ.ඒ කියන්නේ සැම දවසක්ම එක වගේ නැනේ.විටෙක සතුට,විටෙක දුක,තවත් විටෙක තව තව දේවල් වෙන්න පුලුවන්නේ.එහෙම නේද? 


සමහර දාට මෝඩ අදහස්,තවත් දවසක් බුද්දිමත් අදහස් එන්න පුලුවන්නේ.මම කැමතියි ඒවා කාට හරි කියන්න. ඒකයි මම බ්ලොග් එකක් පටන් ගන්න හිතුවේ.අනික තමන් ගේ හිතට එන අදහස් හිත තුලම සගවා ගන්නේ නැතුව කා සමග හරි බෙදා ගන්න තියේ නම් එකේන් හිතට දැනේන හැගිම කවදාවත් කියලා නිම කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.මම බ්ලොග් පොස්ට් එකක් දාන්නේ එදා දවසේ සිදුවිමක් හෝ මට හිතෙන දේවල් දාන්නයි.මම හිතනවා ඒවා කියවන්නත් පිරිස මා හා අත්වැල් බැදගනි කියලා.

 බ්ලොග් ලියන්න පටන් ගැනිල්ලෙන් මගේ ජිවිතේ අලුත් පිටුවක් පෙරලුනා කිව්වොත් වැරදි නෑ.මොකද පොස්ට් එකක් ලියද්දි ජිවිතය පිළිබද ආපස්සට හිතන්න පුරුදු වෙනවා.ඒ වගේම අතිතයේ කල වැරදි අනාගතේ නොකර ඉන්නත් පුලුවන්නේ එහෙම නේද?ආ තව එකක් ජිවිතය පිලිබද ආපස්සට හිතන් කොට තමයි දැනේන්නේ මම ජිවත් වෙනවා කියලා පපුවට දැනෙන්නේ.
පොස්ට් එකක් ලියන්න හිතද්දි අදහස්, කරුණු දුන්හිද ඇල්ල වගේ දෝරේ ගල එනවා.ඒවා එකතු කරලා ලියන්න හදන කොට කිසිවක් නෑ.

මගේ වයසේ කොල්ලෝ කෙල්ලෝ කිදෙනෙක් බ්ලොග් ලියනවා ඇද්ද?ඔවුන් බාගෙට බාගයක් බ්ලොග් එකක් කරන්නේ ගේම්ස්, ෆිල්ම්ස්,වගේ ඒවා දන්න.තව ගොඩාක් ජාතියේ ඒවා කරනවා.මම මෙතන උදාහරණ දෙකයි දුන්නේ.තමන් ගේ ජිවිතයේ අදහස් කාත් සමග හරි බෙදාගෙන ඒවාට ප්‍රතිචාර ලැබෙන කොට දැනෙන හැගිම කවදාවත් ඔවුන්ට නොදැනෙනු ඇත.

2011-07-22

@...පිඩියා සහ උන්මාදය...@



  • හායි මෙයාලා...! මම ඊයෙනෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ.පලමු පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර කොහොමෙයි කියලා බලන්න උදෙම කුකුළත් කරේ තියාගෙනම Dashboard  එකට රිංගුවා.මෙන්න බොලේ මගේ කුජීත බ්ලොග් කෙරුවාවට කොමෙන්ටු 14,Follow 7 .අප්පටසිරි වෙයි.කජු ඇටද කොස් ඇටද? සමහරක්ටනම් මේ ගාන (චූපිං)වෙන්න ඇති.මට නං දෙයියම්පා වටිනවා බොලවු..



ඊයේ ඉදන් මාත් එක්ක එකතු වුන,එකතු වෙන අයට බොක්කෙන්ම ස්තුතිය පුදකරනවා.අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් කියලා ටොක්ස් එකකුත් තියනවානේ.එහෙම වෙන්න එපා හොදේ.මේ චූ කොල්ල පව්නේ.මම විශ්වාස කරනවා තවත් ගැන්සිය මාත් එක්ක අත් වැල් බැද ගනි කියලා (ලවු කරන්න නෙමෙයි බොලවූ)


බොලාල දන්නවද මම තාම මගේ බ්ලොග් හෑල්ල සින්ඩි වලට දාගන්න දගලනවා.හරිම කම්මැලි වැඩක් අෆ්ෆා.......


අනන්ත ප්‍රේම ප්‍රාර්තනා හිතින් දරා එමු
සලා පවන් නෙතින් සිනා සෙමු
සුපෙම් කැලුම් ගලා නොයන්න නෙතු වසා ගමු
ප්‍රේම සප්නයේ රෑදි ඉමු.//


ගෙවා ඈත දුර මාවතේ
ඇදී යාවි පවනක් ලෙසේ...//
නිවා ජිවිතේ
රෑදි මාවෙතේ
කියා දෙන්න ස්නේහේ සුවේ....
                                                                                            (චන්ද්‍රලේකා ආන්ටි)


මේ සින්දු කැල්ල මෙතනට අදාලම නෑ.අදාල කරගන්නත් එපා හොදේ.මොකද ඔය සින්දුව කම්මැලි කම නිසා මම අහපු සින්දුවක්.පට්ට සින්දුවක් හින්දැයි ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ.
එන්න එන්නම බ්ලොග් කරණයට ඇදිලා ඇදිලා යනවා වගේ.යන්න යන්න.මගේ පර්ස් එකේ තියන ගානට තට්ටු වෙනකොට ඇඩෙනව තනි ඇහැට.."ජිවිතේ මල් අපේ අම්ම ඉන්නකල්".කියන සින්දු කැල්ලේ තේරුම එතකොට තමයි මේ පිඩි මොලේට ටාර් ගාල දැනෙන්නේ.ඔයාලට එහෙම වෙන්න ඇති.


මට තියනවා මහා කැත පුරුද්දක්.(කිවුවට කමක් නැද්ද මන්දා).ඕනම දේකට ආසාව තියන්නේ උපරිම සතියයි.මට බයයි මේ බ්ලොග් කෙරුවාටත් කනකොකා උම් බෑ කියයිද කියලා.
එහෙනං දැන් ඇති තව ලියන්න ගියොත් මේ පිඩියා මොනා ලියයිද දන්නේ නෑ...
ඒක හින්දා ඊළග පොස්ට් එකෙන් නැවත හමුවෙමු.
එන්නං
බායි.... 
 

2011-07-21

බ්ලොග් කෙරුවාවට අවසරයි..



එහෙනං ඔන්න නමෝ විත්තියෙන්ම වෙඩෙ පටන් ගන්නයි යන්නෙ.ඉස්සල්ලම කට්ටියට කියන්න ඔනි මගේ කඩ්ඩ එච්චරම පොලිස් නැ බොලවු.එක හින්දා පොඩි පොඩි ජිල් මාට් වෙන්න පුලුවන් ගනන් ගන්න එපා.මම බ්ලොග් කෙරුවාව පටන් ගෙන ගොඩාක් කල්.එක එක අඩවි කොරා.ඒ ඔක්කොම අතර මගදි නවත්තන්න උනේ මගෙ කම්මැලි කම නිසා කිවුවොත් වෙරදි නෑ.අනික මචන්ලා මම A/L කරන පිඩියෙක් නේ.එපා වෙනවා අප්පා..මොනා කරන්නද එක පාරින් ගොඩ යන්න නේ බලාපොරොත්තුව.එක හින්ඩා ඔක්කොම බැලන්ස් කරගෙන බ්ලොග් කෙරුවාව කරන්න තමයි හිතගෙන ඉන්නෙ.මම හිතනවා මෙක කියවන කස්ටිය මාත් එක්ක ඉදිරියටත් රෑදි සිටි කියලා.මාව අතරමන් කරන්න නම් එපා බොලවු.මම දැනට මාස ගනනක් තිස්සේ බ්ලොග් කියවනවා.මම බ්ලොග් ලියන්න නෙමෙයි.බ්ලොග් කියවන්නයි දස්ස.මගේ සිතට එන නැවුම් අදහස් ඔයාල එක්ක බෙදා ගන්නයි මම මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ.