Showing posts with label පිස්සු මනස. Show all posts
Showing posts with label පිස්සු මනස. Show all posts

2011-08-19

සිතට එන දේ ඔහේ ලිවුවා..කැමතිනම් කියවන්න...

අද දවසේ වෙලාව යන්නෙත් නෑ වගේ.කොහෙවත් යන්න වත් හිතෙන්නෙ නෑ.අහස කලු කොරොලා.දැන් වහි,දැන් වහි වගේ.ඒ ඇස්සේ බඩත් අශ්පෙට් කොරලා.ටොයිලට් පැත්තේ එහෙම රවුමක් දාල ඒ කෙරුවාවල් අහවර කොරලා ඇදට වෙලා හිටියා..

පාඩම් කරනවද කියලා හිතුවත් ඒකට හිත දුන්නෙ නෑ.ඊට් පස්සේ හිතුනේ කොම්පීතරේ දාල බ්ලොග් කියවනවද කියලා.ඔන්න ඒකට නම් එහෙම් පිටින්ම හිත ගියා.මේ දවස් වල ඒකත් ලේසි නෑ.හදිසියෙ වත් කොම්පීතරේ දාල කියලා අම්ම දැන ගත්තොත් බර බරේ තමයි.

උදේ පාන්දරම බැනුම් කෝටියයි.මොකද ගිය මාසේ විදුලි බිල කියද දන්නවද? දන්නෙ නෑ නේ...රුපියල් 2000 ත් පැනලා.රුපියල් දෙදහක් කියන්නේ ....කජු ඇටද කොස් ඇටද....රුපියල් 2000 කියන්නේ අපේ පවුලට දැනෙන ගානක්.හරියට කියනවනම් බර ගානක්..

අපේ තාත්තලාට රජයේ ජොබ් නෑ.ත්‍රි වීල් දෙයියෙක් තමයි ඉන්නෙ(අපේ කාලයේ ත්‍රි වීල් රජා.)ඒකත් දැන් සති දෙකකට කලින් අහක යන ත්‍රි වීල් එකක් ඔලුවට(අපේ ති වීල් එකේ උඩට) කඩාගෙන වැටුනා.සති දෙකක ඉදන් ඒක හදනවා.ඒක හදන්නත් බර ගානක් යනවා කියලා අපේ තාත්තා අම්මට කියනවා මම අහගෙන හිටියා..තත්තත් දැන් සති දෙකක ඉදන් ගෙදර.මටත් අත පය හකුලන් ගෙදරට වෙලා ඉන්න පුලුවන් ඇ..

ඉතින් මෙහෙම වෙනකොට කොහොමද කොම්පීතරේ දාගෙන නිදහසේ අන්තර්ජාලයේ සැරි සරන්නේ.ආ කොහොමද???...තව එක අවුරුද්දක් ඉස්කෝලෙ බඩ ගාන්න ඕනි.ඊට පස්සේ කොහොම හරි ජොබ් කට්ටක් හොයා ගන්න ඕනි.මට හැමදාම ගෙදරින් කකා බිබී ඉන්න බෑ නේ...

කොල්ලෙක් උනහම අනිවා ජොබ් එකක් කරන්න ඕනි නේ.ලොකු ලොකු පවුල් වල උදවියට නම් ඕනි නෑ.අපි පොඩි උදවිය නේ.ඉතින් පවුලේ දෙන්නෙක් වත් ජොබ් කරන්න ඕනි පොඩි පවුලක් සාමන්‍ය මට්ටමෙන් හරි ජිවත් වෙන්න...තාත්තගේ ත්‍රි වීල් එක අද තියෙයි හෙට නැති වෙයි(සති 2 ඉදන් නෑ)...
-------------------------------------------------------------------------------------

 __________A/L ජිවිතේ_________

උසස් පෙළ කරන්න ඉස්කෝලෙ යන්න තියන්නෙ තව හරියටම අවුරුද්දයි.එක අවුරුද්දක් ඉවර වුනා දන්නෙම නැතුව.හරියට නිකන් අද ඊයේ වගේ.කියන්න කණගාටුයි තවම හරියට පාඩම් කරන්නවත් සෙට් උනේ නෑ.කොච්චර පාඩම් කරනවා,විභාගේ ගොඩ දාගන්නවා කියලා හිතුවත් පරණ ගති පැවතුම් අත්හරින්න අමාරුයි.....(අපි කවදද නිදි මරාගෙන පාඩම් කලේ).......O/L වලටවත් මම නිදි මරාගෙන පාඩම් කලේ නෑ.ඒ උනාට ගොඩ..

11 වසරේ හැම පාරම 25 වෙනියගෙන් උඩට ඇවිල්ලම නෑ.මම කිවුවේ මේ වාර විභාග වලින්.ඒ උනාට සම්මාන තුනක් එක්ක විභාගේ ගොඩ දාගත්තා.සමහර විට වාසනාවට හරි අවාසනාවට හරි වෙන්න ඇති..O/L කරන දවස් වල හැම තිස්සෙම හිතුනේ O/L විභාගේ ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ..ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා..... 
දැනුත් කල්පනා වෙන්නේ A/L ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ, ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද...අන්න ඔය වගේ දේවල්..


මේ නිවාඩු මාසේ ඉවර වෙන්න කලින් එඩිසන් බංගලාව පැත්තේ සංචාරයකට කොල්ලො ටික සෙට් කරගන්න බලන්න ඕනි.ආය ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වැඩේ අමාරු කරනවනේ..ආ.....සමහරු දන්නවද දන්නෙත් නෑ එඩිසන් බංගලාව මොකක්ද කියලා..එඩිසන් බංගලාවේ ඇතුලාන්ත කතාව මොකක්ද කියලා මම දන්නෙත් නෑ..බංගලාව පැත්තේ සංචාරයක් ගියොත් හොයාගෙන එන්න පුලුවන් වෙයි.මම දන්නෙත් එඩිසන් බංගලාවක් තියනවා කියලා විතරයි...
එඩිසන් ගියොත් හොද ෆන් එකක් ගත හැහිවෙයි..පහල පින්තූරේ තියන්නේ එඩිසන් බංගලාව තමයි...මේකේ පහළ වතු තියනවා...එක එක ජාති වගා කරලා තියන්නේ(එළවලු,පළතුරු,තව තව දේවල්)ඒවයේ රස බලන්නත් බැරි වෙන්නෙ නෑ...

ආ ඉන්න චුට්ටි තොරතුරු ටිකක් හොයා ගත්තා..

"මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව

ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව"
                                                                     තොරතුරු: www.beautiful-srilanka.blogspot.com/


ඇ මම මේ මොනාද ලියලා තියන්නේ.බඩේ අමාරුවටත් එක්ක ඔහේ ලියලා.දැන් ඉතින් මොනා කරන්නද.ලියපු එක කවුරු හරි කියවන්නෙ නැතැයි..බඩේ අමාරුව තවම තියන නිසා ලිය වෙයි තව ටිකක්.ඒත් පොස්ට් එක දිග වෙන විතරයි නේ වෙන්නේ

තව එකක් තියනවා කියන්න. කලින් තිබ්බ ටෙම්ප්ලෙට් දෙයියා මාත් එක්ක තරහා වෙලා පට්ට ස්ලොව් කරන්න ගත්තා...මම හිතන්නෙ  වෙන වෙබ් වලින් හොයා ගත්ත නිසා හරි මගේ අතින් HTMLඑක වැරදියටවත් EDIT උනාද මන්දා (මෝඩ කමට)......ඒක නිසා බ්ලොගර් එකෙන්ම දෙන ටෙම්ප්ලෙට් එකකට මාරු උනා......

..එහෙනම් මම නවතිනවා....

2011-07-30

ආධුනියෙකුගේ අදහස්..


 කොහොමද.අලුත් මුහුණක් සමග වෙනස් වන්නට සිතුනා. මේ වෙනස් විමටත් එක්තරා හේතුවක් තියනවා.මම මේ දවස් වල බ්ලොගි වල කරක් ගහන කොට ආදුනිකයන්ට උපදෙස් බ්ලොග් කිහිපයකම දක්නට ලැබුනා.මා අන්තිමට ගොඩ වුනේ රාජ්ගේ නවාතැන ටයි.ඒ අයියත් ආදුනියන්ට හොද උපදෙස් මාලාවක් දී තිබෙනවා.මමත් තවම ආදුනිකයෙක් නේ.
මා දන්නෑ ආදුනියෙක් වශයෙන් බ්ලොග් අවකාශයේ කොතෙක් කල් සිටිය යුතුද කියා.මේ මාසය තුල ගොඩාක් පිරිස මා ඇතුලුව බ්ලොග් අවකාශයට සේන්දු වන සැටි ඔබ දකින්න ඇති.
ඒ සැම කෙනාටම (මා ඇතුලුව) බ්ලොග් අවකාශයේ රෑදි සිටිමටත් අපහසු බව මා දන්නවා.බ්ලොග් අවකාශයේ පල පුරුදු පුද්ගලයින් අප වැනි ආදුනිකයන් සදහා ඔවදන් නිතර ලබා දිය යුතුය යන්න මගේ මතයයි.මන්ද නැතිනම් අලුතින් බ්ලොගියක් අටවා බ්ලොග් අවකාෂයට ඇතුලුවන අප වැනි පුද්ගලයන් ආ පයින්ම බ්ලොගියත් හකුලා ගෙන ගෙදර යාමට සිදුවනු ඇත.
රාජ්ගේ නවාතැන පවසන අන්දමට නම් බ්ලොගියේ අන්තර් ගතය මිස බ්ලොගියේ අඩංගු වර්ණය, ගැජට් ප්‍රමාණය අනුව බ්ලොගිය ජනප්‍රිය නොවන බවය.

ආදුනිකයෙක් වශයෙන් මා ආදුනිකයන්ට කිවහැක්කේ මෙයයි.
බ්ලොගියේ අන්තර් ගතය පිළිබද දෙවරක් සිතන්න.පොස්ට් එකක් දාන්නම් වාලේ දැමීමෙන් වලකින්න.
දාන්න දෙයක් නැතිනම් නොදා ඉන්න.
බොරු දේවල් දැමිමෙන් ඔබගේ බ්ලොගිය අන් අයතරින් ප්‍රතික්ශේප   විමට ඉඩ ඇත.
තමන් ගේ බ්ලොගිය අන් අයට ප්‍රිය තාවයක් ඇති වෙන සේ තබා ගන්න.
තොරණ් දමා මල් වැල් ගොතා ඔබගේ බ්ලොගිය අපවිත්‍ර කර ගැනිමේන් වලකින්න.
මම මේ කියු දෙයින් කාට හෝ වැදගත් වුනොත් ඒ දෙය මගේ ඉදිරි ගමනට බලපාවි.

 ලෝකෙ වර්ග හතරක මිනිසුන් ඉන්නවා.
 
පලමු වර්ගය:හැමෝම කියන හැම හොදක්ම හැම නරකක්ම අහනවා පිලි පදිනව

දෙවන වර්ගය:
 
කියන දේ තෙරුම් අරගෙන
තමන්ට ගැලපෙන හොද දෙයක් නම් එය පිළි පදිනවා


 තුන්වෙනි වර්ගය: 
දෙයක් කලින් කිවුවට කොහොමත් අහන්නෙ නෑ
හැබැයි දෙයක් උනාම අත්දැකිමෙන් එය තෙරුම් ගන්නවා.

හතරවැනි වර්ගය:
 
කිවුවට අහන්නෙත් නෑ,අත්දැකිමෙන් ඉගෙන ගන්නෙත් නෑ,කොහොමටවත් අහන්නෙ නෑ
හිතෙන දේ හිතෙන වෙලාවට කරනවා

ඔබ කොයි වගේද?



2011-07-23

සිතුවිලි නැති වු දා.........



වෙලාව දැන් හවස 6.30 ටත් ලගයි. අද දවස.....කම්මැලි කමෙන් පටන් ගෙන කම්මැලි කමෙන්ම අවසන් වන්නට ඇත්තේ තව හෝරා කිහිපයකි.දවස ගැන ආපස්සට සිතන්නට කිසිවක් නැත.
එක හින්දා මොකක් වත් හිතෙන්නෙත් නෑ.නමුත් මේසා විසල් ලෝකය පිලිබද සිතන්නට මා හට අපමණ කරුනු ඇත.නමුත් මේ අවස්තාවේ මා සිතට
එන කරුණු ඔබ හා බෙදා ගැනිමට අකමැත්තේය.මන්දයත් ඔබට මෙම බ්ලොගිය අප්‍රිය විමට ඇති ඉඩ කඩ වැඩි නිසාය.


ඒක හින්දා පසුව හමු වෙමු..

                                                                      මීට,
                                                                      මී හරක් පිඩියා