Showing posts with label මතක අහුර. Show all posts
Showing posts with label මතක අහුර. Show all posts

2011-08-01

උපන් දිනේ කාපු කට්ට....!!!


 කොහොමද.අද මගේ ජිවිතයේ වැදගත් දවසක්.මේ නොදරුවා නොදැනුවත්වම වයස 18 ලබලා ඕං.මං දැන් ලොකු ලමයෙක් නොවැ.මට අද හලී සතුටුයි.තවත් සතුටක් තියනවා ඒක තමයි ඊයේ දවසේ මගේ බ්ලොග් එකේ හිට්ස් 1000 පැන්න.ඒකට මම හැම දෙනාටම ස්තුතියි.දවස තිස්සෙම අරයගෙන් මෙයාගෙන් සුබ පැතුම් එනවා ඉවරයක් නෑ.උදේ පොඩි කට්ටකුත් කෑවා ආය උපන් දිනේ කියලා නෑ.උදේම අම්මත් එක්ක ගෙන යන්න උනා හොස්පිට්ල්(ඉස්පිරිතාලය)එකට අම්මට සනිප නෑ. වෙනදා උපන් දිනේට කන කිරිබතත් අද නැති වුනා.උදෙම දුක් සීන්..
ඒ විතරක් ඇ මම එච්චර ටවුමේ රස්තියාදුවට කැමති නෑ.ඔය ක්ලාස් තියන දවසට ඇරුනම. උදේ පැය 3 විතර ඉස්පිරිතාලයේ කට්ටක් කාල ගෙදර යන්න හිතාගෙන ටවුමට එනකොට ටවුම පුරා ත්‍රිවීල් කාරයෝ උද්ගෝෂණයක්(ස්ට්‍රයික්) පටන් ගෙන.හැම තැනම බ්ලොක් වෙලා පාරේ යන්නත් බෑ.මට නේද ඉතින් මල...!!ඇයි යකෝ කර ගන්න මල මගුලක් පාරේ යන මිනිස්සුන්ට කරදරයක් නොවී කරගනින් කො.

 මම ඉන්නේ බදුල්ලේ.කලින් කියලා නැතුව ඇති.බදුල්ල පැත්තෙන් බ්ලොග් කාරයෝ අඩුයි කියලා මට හිතෙන්නේ.මම දැකලා තියෙන්නේ බ්ලොග් දෙක තුනක්.මම නොදැකපු ඔබ දැක ඇති බ්ලොග් තව තියෙන්න පුලුවන්.ටවුමේ ඉදන් අපේ ගෙවල් පැත්තට එන්න ත්‍රිවීල් තියනවා.බස් වලට වඩා තියෙන්නෙ ත්‍රි වීල් තමා.අපි ඒවට කියන්නෙ "දහයේ කෑලි" කියලා.අපි ඉතින් ඕවට රුපියල් දහයක් දීලා තමයි ටවුමට එහෙම එන්නේ.ඔය සමහරුන් ගේ පැතිවලත් ඇති මෙහෙම ත්‍රි වීල්.බැලින්නම් බොලේ මේ වීල් වලට එරෙහිව තමයි අනිත් ත්‍රි වීල් කාරයෝ උද්ගෝෂණය කරන්නෙ "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් නිසා "හයර්" දුවන ත්‍රිවීල් වලට බඩේ පාර වදිනවා කියලානේ ඔය කියන්නෙ..ඒ මේ හුට්ටප්පර වලින් "දහයේ කෑලි" දුවන ත්‍රිවීල් එකක් වත් හොයා ගන්න නෑ.හැංගිලාද කොහෙද..!! 
දැන් ඉතින් ගාටපන්කෝ පයින් කියලා අම්මා වත් එක්කගෙන.අම්මටත් දැන් ටිකක් අමාරුයි වගේ. හති දම දමා බාගයක් දුර යනකොට දෙයියෝ බුදුන් දැක්කා වගේ සීමා සහිත ලංගම බස්රථයක් ඇවිල්ලා අපිව දා ගත්තා.ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා ගෙදරට ගොඩ උනා.ඔන්න ඕකයි මගේ උපන් දින සිදු වීම.මේ දවස නම් මට කවදාවත් අමතක නොවී තියෙයි.
මොන වැඩේ,සිදුවීම තිබුනත් බ්ලොග් පැත්තේ එන එක නම් නවතින්නෙම නෑ.ඒක නිසා අදත් ආව ඕං

2011-07-26

කම්බි ගහලා ඕයි..........!!!


සුබ සැන්දෑවක්.මම මේක ලියන්න හිතුවේ ඊයේ හවස ඉදන්.පාසල් වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල උනා.දැන් ඉඩක් ලැබුන නිසා බ්ලොගිය පැත්තේ එන්න හිතුනා.

අද මම කියන්න යන්නේ අපේ ගමේ දෙයක් ගැන.අපේ ගමේ තිබුනා සැලකිය යුතු ප්‍රමානයේ ලොකු පිට්ටනියක්.අපි පොඩි කාලේ ඉදන් සරුංගල් යැවුවේ,බයිසිකල් පැද්දේ, දාන හැම සෙල්ලමක් ම දැම්මේ මේ පිට්ටනියේ තමයි. අවුරුදු 15කටත් කලින් ඉදන් ගමේ කොල්ලො කුරුට්ටෝ ටික සෙල්ලමට සෙට් උනේ මේ පිට්ටනියටයි. අද වෙනකොට සීමා ලකුණු කොරලා.කටු කම්බි ගහලා.සැරින් සැරේ කම්බි ගැහුවත් ඒවා කඩා දාලා අපි පිට්ටනිය නිදහස් කර ගත්තා.සිත්සේ වටපිටාව දෙවනත් වෙන්න සංගිත සංදර්ශන (ජන්ද කාලෙට)පවා පැවැත් වුනේ මේ පිට්ටනියේ තමයි.පොඩි කාලයේ පිට්ටනිය අපේ කියා සිතුවත්,සැරි සැරේ කටු කම්බි ගැසිම නිසා කවදා හෝ දිනක අපි සැමටම මේ පිට්ටනිය නැතිවි යන බව අපි  දැන සිටියා.


ඉස්සර ඉස්කෝලේ ඇරලා ගෙදර ආපු ගමන් දුවන්නේ පිට්ටනියට තමයි.ගමේ සමහර ලමයි පාසල් යන්නේ නෑ.එක නිසා මම යනකොටත් සෙල්ලමට ගමේ කොල්ලො සුදානමෙන්.මම නැතිව උන්ට සෙල්ලම් කරන්න බෑ.මොකද බැට් එකයි,බෝලෙයි තියෙන්නේ මං ගාවනේ.
අපේ සෙට් එකට ප්‍රශ්නයක් ආවත් සෙට් වෙන්නේ පිට්ටනියේ අයිනේ තියන මාර ගහ ලගට තමයි.මාර ගහ අපේ කතා කොච්චර නම් අහගෙන ඉන්න ඇද්ද?ඒ විතරක් ඇ....හවසට පොඩි පොඩි ෆන් ගන්න සෙට් වෙන්නේත් ඔය මාර ගහ මුලටම තමයි.ඒවා දන්නෙත් ඉතින් මාර ගහම තමයි.

තවත් සමහරු අලුතින්ම ගත්ත වාහනේත් පාරට දාන්න කලින් දාන්නේ පිට්ටනියට තමයි.වෙන මොහොකටවත් නෙමෙයි.පුරුදු වෙන්න. අද වන විට එයද කටු කම්බි ආක්‍රමණය කර ඇත.තව ටික කලකින් පිට්ටනිය තුල ගෙවල් හදයි කියලා මට හිතෙනවා.


ගෙවල් හදන එක මම වැරදියි කියන්නේ නෑ.එත් කාලයක් තිස්සේ වැඩි දෙනෙකුගේ ආදරය රැදි තියෙන මේ පිට්ටනියම තෝරා ගත්තේ ඇයි දැයි මගේ සිතේ හට ගන්නා කුතුහලයයි.

අයිති කාරයෝ හිටියත් නැතත්, පිට්ටනිය මම ගෙදර ගෙනියන්නේ නැතත්  මම පිට්ටනියට අදටත් ආදරෙයි.............