මම කලින් කිව්වානේ මම හරි කම්මැලියෙක් කියලා.බ්ලොග් එක පටන් ගත්තට පස්සේ එක වෙනස් වෙනවාද මන්දා.
මට හිතුනා මේ ගැනත් ඔයාලට කියන්න.මි හරක් පිඩියා කියලා මගේ බ්ලොග් එක හදුන්වා දුන්න නිසා මේ අඩවිය බලන්න ආපු අය වැඩි පිරිසක් හිතන්න ඇති මේක තවත් එක පිස්සෙක් ගේ බොරු බ්ලොග් පටන් ගැනිල්ලක් කියලා.නමුත් මම එහෙම හිතනවාට කැමති නෑ.මොකද මම මේ නම දාන්න හිතුවේ එක්තරා සිදුවිමක් අලලා.අතේ ඇගිලි පහම එක වගේ නෑනේ.ඒ කියන්නේ සැම දවසක්ම එක වගේ නැනේ.විටෙක සතුට,විටෙක දුක,තවත් විටෙක තව තව දේවල් වෙන්න පුලුවන්නේ.එහෙම නේද?
සමහර දාට මෝඩ අදහස්,තවත් දවසක් බුද්දිමත් අදහස් එන්න පුලුවන්නේ.මම කැමතියි ඒවා කාට හරි කියන්න. ඒකයි මම බ්ලොග් එකක් පටන් ගන්න හිතුවේ.අනික තමන් ගේ හිතට එන අදහස් හිත තුලම සගවා ගන්නේ නැතුව කා සමග හරි බෙදා ගන්න තියේ නම් එකේන් හිතට දැනේන හැගිම කවදාවත් කියලා නිම කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.මම බ්ලොග් පොස්ට් එකක් දාන්නේ එදා දවසේ සිදුවිමක් හෝ මට හිතෙන දේවල් දාන්නයි.මම හිතනවා ඒවා කියවන්නත් පිරිස මා හා අත්වැල් බැදගනි කියලා.
බ්ලොග් ලියන්න පටන් ගැනිල්ලෙන් මගේ ජිවිතේ අලුත් පිටුවක් පෙරලුනා කිව්වොත් වැරදි නෑ.මොකද පොස්ට් එකක් ලියද්දි ජිවිතය පිළිබද ආපස්සට හිතන්න පුරුදු වෙනවා.ඒ වගේම අතිතයේ කල වැරදි අනාගතේ නොකර ඉන්නත් පුලුවන්නේ එහෙම නේද?ආ තව එකක් ජිවිතය පිලිබද ආපස්සට හිතන් කොට තමයි දැනේන්නේ මම ජිවත් වෙනවා කියලා පපුවට දැනෙන්නේ.
පොස්ට් එකක් ලියන්න හිතද්දි අදහස්, කරුණු දුන්හිද ඇල්ල වගේ දෝරේ ගල එනවා.ඒවා එකතු කරලා ලියන්න හදන කොට කිසිවක් නෑ.
මගේ වයසේ කොල්ලෝ කෙල්ලෝ කිදෙනෙක් බ්ලොග් ලියනවා ඇද්ද?ඔවුන් බාගෙට බාගයක් බ්ලොග් එකක් කරන්නේ ගේම්ස්, ෆිල්ම්ස්,වගේ ඒවා දන්න.තව ගොඩාක් ජාතියේ ඒවා කරනවා.මම මෙතන උදාහරණ දෙකයි දුන්නේ.තමන් ගේ ජිවිතයේ අදහස් කාත් සමග හරි බෙදාගෙන ඒවාට ප්රතිචාර ලැබෙන කොට දැනෙන හැගිම කවදාවත් ඔවුන්ට නොදැනෙනු ඇත.
5 කට ආසන්න ප්රතිචාර:
මම ආපු මුල්ම වතාව..... දෝරේ ගලන අදහස් දිගින් දිගටම සයිබරයේ සිත්තම් කරන්න ලැබේවා කියල සුභ පතනව
මමත් මේ පැත්තට ආපු පලවෙනි වතාව මලයා..ඔයා කිව්වා හරි..බ්ලොග් ලියන්න පටන් ගන්න කොට ලියන්නේ මොනවාද කියලා හිතා ගන්න බැරි උනාට ලියාගෙන යනකොට ඒක නවත්තන්නත් බැහැ..
ඔන්න අද ඉදන් මාත් මේ පැත්තට එනවා :)
නම දැක්කම මෝඩයි කියලා හිතෙන්නේ නෑ. අපෝ බ්ලොග් ලියන අයගේ කොයිතරම් නම් නම් තියෙනවද? ගානක් නෑ.
හිතට එන ඕන දෙයක් ඔහේ කුරුටු ගාලා දාන්න. කියවන්න අපි ඉන්නවනේ.
තමන්ගේ නමින් නැතුව වෙන නමකින් ලියනකොට ගොඩක් නිදහස්. එතකොට හොදට ලියන්න පුලුවන්.
"ලියන්න යද්දි කතා අමතක වෙනවා. කතා මතක් වෙද්දි නෙට් එකට ලොග් වෙලා නෑ."
මේක ලෙඩක්. ඒකට කරන්න තියෙන හොඳම පිලියම තමයි කතා මතක් උනාම කොලේක හරි ෆෝන් එකේ හරි පොඩි ටෙක්ට් එකක් දාගන්න. කොයිවෙලාවේ හරි නෙට් ලොග් උනාම ලියන්න පුලුවන්නේ.
මධුරංග@ (කතා මතක් උනාම කොලේක හරි ෆෝන් එකේ හරි පොඩි ටෙක්ට් එකක් දාගන්න) මේක නම් හොද අදහසක් අයියේ.බොහොම ස්තුතියි.
ChammA@ මම ලියන ඒවා කවුරු හරි කියවන්න ඉන්නවානේ කියලා දැනුනමහිතට ගොඩාක් සතුටුයි..බොහොම ස්තුතියි.
Post a Comment