ඊයේ මට හරි කණගාටු දවසක්.ඒ මොකද කියලා කියන්නයි මම මේ හදන්නේ.
ඒ දැනට මාස 3 කට පෙර අපේ පවුල හා සම්බන්ද වුනු පුංචි ලේන් පැටියෙක් නිසා.මේ ලේන් පැටියා මට හම්බ වුනේ අපේ ගෙදරට අල්ලපු වත්තේදි.ඌ හොදටම අසරණව,අතරමං වෙලා හිටියේ.මගේ සත්ව කරුණාව නිසාම පැටියාව ගෙදර ගෙනාවේ හොදින් රෑක බලා ගෙන දවසක නිදහස් කරන්නම් සිතා ගෙනය.නමුත් පැය,දින,මාස ගනන් ගෙවී යද්දී අපටත් නොදැනිම ලේන් පැටියා පවුලේ සාමජිකයෙක් බවට පත් වෙලා තිබුණා.ලේන් පැටියට අපි නැතුවත්, අපිට ලේන් පැටියා නැතුවත් ඉන්න බැරි වුනා.විශේෂයෙන් මට.ඒ බැදිම කොහොම ඇති වුනාද කියලා මට තවම හිතා ගන්න බැ.
කොයි මොහොතේ බැලුවත් ලේන් පැටියා කාගෙ හරී අතේ හුරතල් වෙනවා.අපි කවුරුත් ඒකට හරි ආසයි.මට මතක් වෙනවා පැටියා මගේ අතේ හිතලට තුරුලු වෙන හැටි.සෙල්ලම් කරන හැටි. මේ මතකය හැමදාම මගේ හිතේ තියේවී.මම හිතුවේ හැමදාමත් ලේන් පැටියා අපිත් සමග ඉදි කියලා.පැටියට තාම හරි හැටියකට කන්නවත් බෑ.කිරි විතරයි බිව්වේ.ඉතින් කොහොමද තනියම ජිවත් වෙන්න ඉඩ හරින්නේ පැටියට තනියම ජිවත් පුලුවන් දවසක අපිව දාල යයි කියලා මගේ හිත හැම තිස්සෙම කිව්වා.ඒත් මෙච්චර ඉක්මනට.....!!!!!!
ලේන් පැටියා කිරි බොන හැටි අපි කොච්චර ආසාවෙන්ද බලන් හිටියේ.දුවනවා,පනිනවා ඒ කාලේ කොච්චර සුන්දරද...මේක ලියන විටත් මගේ ඇහැට කදුලු උණන තරම්.ඒ තරමට ඒ අතිතයට මම ආදරෙයි.
"ලේන් පැටියා වටේ පූසෙක් කරක් ගහනවා" කියලා අපේ අම්මා සැරයක් දෙසැරයක් කිව්වත් මම ගණන් නොගත්තේ පූසාගේ විශේෂ හැසිරිම් රටාවක් මාහට දර්ශණය නොවු නිසාය.
මේ සිද්දිය උන දවසේ අපේ ගෙදර කවුරුත් හිටියේ නෑ.හිටියනම් ලේන් පැටියා තාමත් අපිත් එක්ක හුරතල් වෙනවා.ඒක ඉතින් පැටියගේ වෙලාව තමයි.වෙනදා වගේ ලේන් පැටියව මේසේ උඩ බත් කූඩය ඇතුලෙන් තියලා තමයි අපි කොහෙ ගියත් යන්නේ.අනික හැමදාම වගේ දොර ජනේල් සියල්ල වහල ගියත් මේ දවසේ.එක් ජනේලයක් වහලා යන්න අමතක වෙලා.
කවුද හිතන්නේ ගෙදරින් කාල,බීලා පූසා මෙහෙම දෙයක් කරයි කියලා.අපි කවුරුත් නැති වෙලේ අර ජරා පූසා උපරිම ප්‍රයෝජනේ අරන්.
අපි ටවුමට ගිහින් එන්න පැය 2,3, විතර ගියා.එතකොට වෙන්න තියන සේරම දේවල් වෙලා ඉවරයි.අපි ගෙදර ඇතුලු වෙද්දිම මේසේ ලග වීදුරුවක් බිම වැටිලා කැඩිලා තිබුනා.බැලින්නම් අසරණ ලේන් පැටියා එතන නෑ.මුලු ගේ ම පිරලා බැලුවත් පැටියා නෑ. ලේන් පැටියා අපිව දාල ඌගේ නිදහස සොයා ගෙන යන්න ඇති කියලා හිතලා අපි බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා.
මේ සිද්දිය වෙලා පැය 6,7 කට පසු මිදුල අතුගාමින් සිටි අම්මා එක පාරටම කැගන්න ගත්තා ලේන් පැටියා ඉන්නවා කියලා.මම ඉක්මණට දුවගෙන ආව ලේන් පැටියව ආදරෙන් වඩා ගන්න.දුවගෙන ආ මට ඇස් අදහා ගන්න බැරි සිදුවීමක් තමයි දර්ශණය උනේ.ලේන් පැටියා ගේ නිසළ මළ සිරුර බිම වැටි තිබ්බා.මට එතන දිම ඇඩෙන්න ආවත් මම හිත තද කරගෙන හිටියා.මොකද පැටියව ගෙදරට ගෙනාවේ මම
ඊට ටික වෙලාවකට පස්සේ අඩි පාරවල් කිහිපයකින් දැන ගන්න ලැබුනේ පූසා තමයි මේ වැඩේ කරලා තියන්නේ කියලා.මම ඒ මොහොතේ පූසාව හෙවුවත් එකව මට හොයා ගන්න බැරි උනා.සමහර විට පුසව මට ඒ වෙලාවේ අහුව්නානම් මම මොනා කරයිද කියලා හිතාගන්න බෑ.එච්චරටම ආවේගයකින් මම හිටියේ.
සිද්ද වෙච්ච දේ සිදු වෙලා ඉවරයි. තවත් මොකෙක් හරි සතෙකුට ලේන් පැටියා ආහාරයක් වෙන්න කලින් පාලු ස්තානයක ලේන් පැටියාගේ නිසල මල සිරුර මිහිදන් කලා.
මට සමා වෙන්න ලේන් පැටියෝ.මට ඒ වගකීම හරියට ඉශ්ට කරන්න බැරි උනා.මම ඒ වගකීම හරියට ඉශ්ට කලානම් අදත් ලේන් පැටියා අපිත් එක්ක ඉන්න තිබුනා.
40 කට ආසන්න ප්‍රතිචාර:
ඔය වගේම අත්දැකීමක් මටත් තියෙනවා ,මාත් ආදරෙන් හදාගෙන ආපු ලේන් පැටියෙක් කොහෙවත් යන පුසෙක් මරාගෙන කෑවා..ඒ වෙලාවේ පුදුම විදියේ දුකක් ඇතිවෙලා තිබ්බේ..
@ChammA.. පූසෝ..මතක් කරන්න එපා ඕ කුන්ව. අපේ ගෙදරින්ම කාල,බීලා අර ලේන් පැට්ටවත් මරා ගෙන කෑවා.....
අම්මො ලේන් පැට්ව් වෙනුවෙන් නම් මම් ගොඩක් දුක් වෙලා තියනව,අපේ ගෙදර පූසොත් එක්ක බෑ.
දුකයි බං....සිරාවටම
නදී@..පූසෝ විතරක් ඇ.....ඇයි බල්ලෝ..
මුන් ඔක්කොම ඉන්නේ අර අහින්සකයව කන්න බලාගෙන..
පොල් සමන්@..උබට ඔච්චර දුකනම් මට කොච්චර දුක හිතෙනවද කියලා දන්නවද.මොකද මමයි ඌව හුරතල් කලේ...
ලේන් පැටියට නිවන් සුව :
හ්ම්ම් මටත් මෙහෙම අත් දැකීමක් තියනවා....හැබැයි මගේ ලේන පැටියා නම් නැති වුනේ සීතල ට :( :(
මට නම් ඔය පුසව මරන්න හිතෙනවා. එත් වැඩක් නැහැනේ. ලේන් පැටියට නිවන් සුව නැතත් ලබන ආත්මයේ වත ලේනෙක් නොවී ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරමු.
රත්ගමයා@..ලේන් පැටියෝ මම පතන්නෙත් ඔබට නිවන් සුව....
deeps@..මම දන්නවා.ලේන් පැටවුන්ට හිතල දරා ගන්න අමාරුයි.වෙව්ලනවා....
දුෂාන්@..බොහොම ස්තුතියි මිත්‍රයා ප්‍රතිචාරයට..පූසව මට ඒ මොහොතේ අහු උනානම් ඉතින් උගේ මරණේ තමයි.මමත් ප්‍රාර්තනා කරන්නේ ඊලග ආත්මෙවත් ලේනෙක් නොවී ඉපදෙන්න කියලම තමයි.
බොහොම දුකයි වැඩේට.ඒත් ඉතින් දැන් පූසට ගහලා බැනලා වැඩක් නෑ.මොකද කාගෙවත් දුක තේරෙන එකෙක්යැ පූස කියන්නෙ.හිත හදාගනිං.
පවු ලේන් පැටියා !!!!
අපරාදේ පූසෙක් කැරකෙනවා කියලා දැන දැනත් කූඩුවේ දොර වහලා ගියානම් ඉවරයි නේ. මොනා කරන්නද දැන් ඉතින්.
ගොඩක් දුකයිනම් තමා ඒත් මොනා කියලා කරන්නද ? ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්. පූසාට පින් පවු තේරෙන්නේ නෑ නෙව . සත්තු දන්නේ තමන්ගේ ගොදුරු හොයාගෙන ජීවත් වෙන්න විතරයි ..
ඒක නිසා පූසට මොකුත් කරදරයක් කරන්න යන්න එපා බං !!
මචෝ පූසෝ ඔහොම තමා, මොනාවුනත් මගේ කනගාටුව මේ වෙච්ච දේට;
රාජ්@..ඒකනම් ඇත්ත.දැන් මම හිත හදාගෙන ඉන්නේ..
මධුරංග@..තාම චූටි එකානේ අයියේ.ඉතින් මම කූඩුවක් හැදුවේ නෑ.පව් නෙ.දැන්ම කූඩු කරන එක හරි නැති නිසා.
හිස් අහස@..දැන් නම් පූසට මොකුත් කරන්න හිතෙන්නෙ නෑ.නමුත් මට ඒ වෙලාවේ ආපු ආවේගය නිසයි එහෙම හිතුනේ..
කතාව කියවලා ගොඩක් දුක හිතුනා. මටත් ඔය වැඩේම වෙලා තියෙනවා. හැබැයි ඒක වුණේ ලේනාගේ වගකීම බාරදුන්න කෙනාගෙ වැරැද්දෙන්.
තව අපේ ගෙදර හිටපු පූස් පැටියෙකුත් බල්ලො හපලා මැරුණා. මටත් ඒ වෙලාවෙ බල්ලන්ව මරන්න තරම් කේන්තියක් ආවා.
කොහොම වුණත් පූසාට කරදරයක් නොකර ඉන්න එක තමයි හොඳ.
සත්තුන්ගෙ ලෝකේ ඔහොම තමයි පීඩී..
මිනිස්සු අතරෙත් කොච්චර ඉන්නවද ඔයවගේ වැඩ කරන.
මටත් ඔහොම වැඩක් වුණා පිඩී. මොනවා කරන්නද දුක තමයි....
යකෝ පූසට ඇති වෙන්න කන්න දීලා තිබුනනම් ඔය දේ වෙන්නෑ..
ආයෙම ලේන් පැටියෙක් හොයාගනු..
අනේ මමත් පුංචි කාලේ ඔය සිදුවීමට මූනදීලා තියෙනවා.
ඒ දැනෙන වේදනාව මෙච්චරයි කියලා කියන්න බෑ.
ඒත් ආහාර ජාලය කියන්නේ ඔන්න ඕකයි ළමයෝ . . .
ලොකු එකා පොඩි එකාව විනාස කිරීම.
ඇස් අරලා බැලුවාම පෙනෙයි ඔයයි මායි දෙන්නත් අපිට වඩා ලොකු උන් දෙන්නෙක්ගේ ගොදුරක්.
ලෝකේ හැටි එහෙමයි.
මට හම්බ වෙච්චි ලේන් පැටියා නම් අවාසනාවන්ත නෑ, අතට අහුවුන හැම එකෙන්ම පූසාට ගැහුවා එවේලේ නම්..
blog gadol@.. ඒකනම් ඇත්ත..දැන් ඉති පූසට ගහලා මරලා වැඩක් නෑ.වෙන්න තියන දේ වෙලා ඉවරයි නේ...
පැණි දොඩම්@..ඒ කතාවටනම් මමත් එකගයි.මමත් අනන්තවත් දැකලා තියනවා එහෙම මිනිස්සු..
Joniya Man@.. අපිට ඉතින් දුකම තමයි සැමදා....
නාකියා@..අඩෝ ඒ පූසා මහ පෙරේත යකෙක්.කොච්චර කෑවත් ඇතිවෙන්නෙ නැති එකෙක්..
දුකා@..කතාවනම් සහතික ඇත්ත දුකා අයියේ.අපිට කවදාවත් ඔය ආහාර ජාලය වෙනස් කරන්න බැරි වෙයි.වෙනස් කලොත් මුලු ලොවත් වෙනස් වෙයි..
චතුර....@..පූසෝ කියන එව්න් එච්චර ලේසියෙන් ගොදුරක් අතහරින්නෙ නෑ.පරිස්සමින්.මමත් එදා අම්මා කියපු දේ ඇහුවනම් ලේන් පැටියා තාමත් ඉන්නවා.
හුගාක් දුකයි.මොනවා උනත් ඒ සතුන්ගේ චර්යාවනේ.පූසා ලේන් පැටවුන් අල්ලන එක නවත්තන්න බෑ.ඒත් එහෙම උනා කියලා පූසා මරලා අපි පව් පුරෝ ගෙන හරියන්නෙත් නෑ.සැලගිල්ලෙන් හිටියනම් තමයි,ගොඩාරියක් හොද.අවදානමට වඩා ආරක්ෂාව හොදයි කියලා කතාවකුත් තියෙනවා නේ.
කොහොම වුණත් මගේ බ්ලොග් එක ෆලොව් කරපු එක ගැන ස්තූතියි.අලුත් කතාවක් ලිව්වා.වෙලාවක් තියෙනං ගිහින් බලන්නකෝ
ඇත්තටම ගොඩක් දුකයි ඒක ලේන් පැටියගෙ ඉරණම වෙන්න ඇති...
@මී හරක් පීඩියා :
හැමෝම @අදාල එකාගේ නම කියලා දානවා. මේකා අදාල එකාගේ නම@ කියලා දානවා.
කාලේ වෙනස් තාලේ අලුත් !!!!! :)
මධුරංග@..මොකක්ද අයියේ මේ හරුපේ..........?????
මටත් ඔය අද්දැකීම තියෙනවා... ඒත් ලේන් පැටියව මැරුවේ පූසෙක් වත් බල්ලෙක් වත් වෙන කිසිම සතෙක්වත් නෙමෙයි... මම සතාමයි... මම දවසක් සෝෆා එකේ නිදා ගෙන හිටියේ... නැගිටලා බලනකොට මගේම ඇඟට ලේන් පැටියා යට වෙලා... මම එදා ඉඳං තාමත් හිතින් විඳවනවා... මොකද අත්වැරැද්දක් උනත් මගේ අතිනුයි ලේන් පැටියා මැරුණේ...
දේව්දාස්...
දේව්දාස්@..ඒකනම් හිතින් ගොඩාක් විදවන දෙයක් වෙන්න ඇති.මොකද පූසා කාල මට මෙච්චර දුකනම්,තමන් නිසා ඒ සතා මැරුනම...
පව්...දැන් ඉතින් උන දේ උනා නේ..මොනා කරන්නද...මේ ලොකේම හැදිලා තියෙන්නේ එකෙක් පාගලා තව එකෙක් උඩට එන්න..ඉතින් පුසා දින්නා..
කැත සින් එක බන් ....ස්ව්බව්ධර්මේ හැටිනේ බන්.....
මට පුසාන් එපුනේ ඔයවගේ සිද්දියක් නිසා. ගෙදර පුස ලේනෙක් අල්ලන් ආව.. කොච්චර ගැහුවත් අතෑරියේ නැහැ. අන්තිමට ඔලුව කඩාගෙන කඳ දාල ගියා. ගැහිලා ගැහිලා ඒ කඳ නිසල උනා. එයින් පස්සේ මගේ පුස් ආදරේ ඉවරයි..
අනේ පිඩී මටත් ඔහොම වැඩක් වුනා.. මතක් වෙද්දිත් ඇසට කදුලු එනවා තාමත්... අවුරුදු ගානක් වෙලත්.......
මාත් චූටි ලේන් පැටියෙක් හැදුවා.... ගොඩක් සමීප වුනා.. මම පුදුම තරම් ඌට ආදරේ කලේ.. ඒත් දවසක් අපේ නංගි ඌව එලියෙන් තියලා මූසල කාක්කෙක් ඌව අරන් ගියා...... මම ගොඩක් දුර පස්සෙන් ගියා ඒත් මගේ ලේන් පැටියා ආපහු ලැබුන් නෑ...... මාර දුකක් දැනුනා..... කදුලු හිර කරන් ගෙදර ආවා.... ඇවිත් ගේ පිටි පස්සෙ බඔකුවේ වාඩි වෙල්ලා හවස් වෙනකම් ඇඩුවා..... දවස් ගානක් දුක තිබුනා.... දැන් ඌව මතක් වුනා ආයිමත් දුකයි
Post a Comment