2011-08-19

සිතට එන දේ ඔහේ ලිවුවා..කැමතිනම් කියවන්න...

අද දවසේ වෙලාව යන්නෙත් නෑ වගේ.කොහෙවත් යන්න වත් හිතෙන්නෙ නෑ.අහස කලු කොරොලා.දැන් වහි,දැන් වහි වගේ.ඒ ඇස්සේ බඩත් අශ්පෙට් කොරලා.ටොයිලට් පැත්තේ එහෙම රවුමක් දාල ඒ කෙරුවාවල් අහවර කොරලා ඇදට වෙලා හිටියා..

පාඩම් කරනවද කියලා හිතුවත් ඒකට හිත දුන්නෙ නෑ.ඊට් පස්සේ හිතුනේ කොම්පීතරේ දාල බ්ලොග් කියවනවද කියලා.ඔන්න ඒකට නම් එහෙම් පිටින්ම හිත ගියා.මේ දවස් වල ඒකත් ලේසි නෑ.හදිසියෙ වත් කොම්පීතරේ දාල කියලා අම්ම දැන ගත්තොත් බර බරේ තමයි.

උදේ පාන්දරම බැනුම් කෝටියයි.මොකද ගිය මාසේ විදුලි බිල කියද දන්නවද? දන්නෙ නෑ නේ...රුපියල් 2000 ත් පැනලා.රුපියල් දෙදහක් කියන්නේ ....කජු ඇටද කොස් ඇටද....රුපියල් 2000 කියන්නේ අපේ පවුලට දැනෙන ගානක්.හරියට කියනවනම් බර ගානක්..

අපේ තාත්තලාට රජයේ ජොබ් නෑ.ත්‍රි වීල් දෙයියෙක් තමයි ඉන්නෙ(අපේ කාලයේ ත්‍රි වීල් රජා.)ඒකත් දැන් සති දෙකකට කලින් අහක යන ත්‍රි වීල් එකක් ඔලුවට(අපේ ති වීල් එකේ උඩට) කඩාගෙන වැටුනා.සති දෙකක ඉදන් ඒක හදනවා.ඒක හදන්නත් බර ගානක් යනවා කියලා අපේ තාත්තා අම්මට කියනවා මම අහගෙන හිටියා..තත්තත් දැන් සති දෙකක ඉදන් ගෙදර.මටත් අත පය හකුලන් ගෙදරට වෙලා ඉන්න පුලුවන් ඇ..

ඉතින් මෙහෙම වෙනකොට කොහොමද කොම්පීතරේ දාගෙන නිදහසේ අන්තර්ජාලයේ සැරි සරන්නේ.ආ කොහොමද???...තව එක අවුරුද්දක් ඉස්කෝලෙ බඩ ගාන්න ඕනි.ඊට පස්සේ කොහොම හරි ජොබ් කට්ටක් හොයා ගන්න ඕනි.මට හැමදාම ගෙදරින් කකා බිබී ඉන්න බෑ නේ...

කොල්ලෙක් උනහම අනිවා ජොබ් එකක් කරන්න ඕනි නේ.ලොකු ලොකු පවුල් වල උදවියට නම් ඕනි නෑ.අපි පොඩි උදවිය නේ.ඉතින් පවුලේ දෙන්නෙක් වත් ජොබ් කරන්න ඕනි පොඩි පවුලක් සාමන්‍ය මට්ටමෙන් හරි ජිවත් වෙන්න...තාත්තගේ ත්‍රි වීල් එක අද තියෙයි හෙට නැති වෙයි(සති 2 ඉදන් නෑ)...
-------------------------------------------------------------------------------------

 __________A/L ජිවිතේ_________

උසස් පෙළ කරන්න ඉස්කෝලෙ යන්න තියන්නෙ තව හරියටම අවුරුද්දයි.එක අවුරුද්දක් ඉවර වුනා දන්නෙම නැතුව.හරියට නිකන් අද ඊයේ වගේ.කියන්න කණගාටුයි තවම හරියට පාඩම් කරන්නවත් සෙට් උනේ නෑ.කොච්චර පාඩම් කරනවා,විභාගේ ගොඩ දාගන්නවා කියලා හිතුවත් පරණ ගති පැවතුම් අත්හරින්න අමාරුයි.....(අපි කවදද නිදි මරාගෙන පාඩම් කලේ).......O/L වලටවත් මම නිදි මරාගෙන පාඩම් කලේ නෑ.ඒ උනාට ගොඩ..

11 වසරේ හැම පාරම 25 වෙනියගෙන් උඩට ඇවිල්ලම නෑ.මම කිවුවේ මේ වාර විභාග වලින්.ඒ උනාට සම්මාන තුනක් එක්ක විභාගේ ගොඩ දාගත්තා.සමහර විට වාසනාවට හරි අවාසනාවට හරි වෙන්න ඇති..O/L කරන දවස් වල හැම තිස්සෙම හිතුනේ O/L විභාගේ ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ..ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද කියලා..... 
දැනුත් කල්පනා වෙන්නේ A/L ලියලා ඉවර උනාට පස්සේ මොකද කරන්නේ, ෆේල් උනොත් පවුලේ අයට මුහුණ දෙන්නෙ කොහොමද...අන්න ඔය වගේ දේවල්..


මේ නිවාඩු මාසේ ඉවර වෙන්න කලින් එඩිසන් බංගලාව පැත්තේ සංචාරයකට කොල්ලො ටික සෙට් කරගන්න බලන්න ඕනි.ආය ඉතින් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ වැඩේ අමාරු කරනවනේ..ආ.....සමහරු දන්නවද දන්නෙත් නෑ එඩිසන් බංගලාව මොකක්ද කියලා..එඩිසන් බංගලාවේ ඇතුලාන්ත කතාව මොකක්ද කියලා මම දන්නෙත් නෑ..බංගලාව පැත්තේ සංචාරයක් ගියොත් හොයාගෙන එන්න පුලුවන් වෙයි.මම දන්නෙත් එඩිසන් බංගලාවක් තියනවා කියලා විතරයි...
එඩිසන් ගියොත් හොද ෆන් එකක් ගත හැහිවෙයි..පහල පින්තූරේ තියන්නේ එඩිසන් බංගලාව තමයි...මේකේ පහළ වතු තියනවා...එක එක ජාති වගා කරලා තියන්නේ(එළවලු,පළතුරු,තව තව දේවල්)ඒවයේ රස බලන්නත් බැරි වෙන්නෙ නෑ...

ආ ඉන්න චුට්ටි තොරතුරු ටිකක් හොයා ගත්තා..

"මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව

ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව"
                                                                     තොරතුරු: www.beautiful-srilanka.blogspot.com/


ඇ මම මේ මොනාද ලියලා තියන්නේ.බඩේ අමාරුවටත් එක්ක ඔහේ ලියලා.දැන් ඉතින් මොනා කරන්නද.ලියපු එක කවුරු හරි කියවන්නෙ නැතැයි..බඩේ අමාරුව තවම තියන නිසා ලිය වෙයි තව ටිකක්.ඒත් පොස්ට් එක දිග වෙන විතරයි නේ වෙන්නේ

තව එකක් තියනවා කියන්න. කලින් තිබ්බ ටෙම්ප්ලෙට් දෙයියා මාත් එක්ක තරහා වෙලා පට්ට ස්ලොව් කරන්න ගත්තා...මම හිතන්නෙ  වෙන වෙබ් වලින් හොයා ගත්ත නිසා හරි මගේ අතින් HTMLඑක වැරදියටවත් EDIT උනාද මන්දා (මෝඩ කමට)......ඒක නිසා බ්ලොගර් එකෙන්ම දෙන ටෙම්ප්ලෙට් එකකට මාරු උනා......

..එහෙනම් මම නවතිනවා....

18 කට ආසන්න ප්‍රතිචාර:

Unknown said... Reply To This Comment

ත්‍රීවීල් රාජයා ඉක්මනට හදා ගන්න පුලුවන් වෙයි කියලා ප්‍රාර්තනා කරනවා.A/L ගැන කියනවනම් මටත් පාඩම් කරන්න හිත දෙන්නෙම නෑ ඒත් හොඳට ලකුනු තිබ්බා මේ සැරේනම්.ඇඩිසම් එකට මම දෙපාරක් තුන්පාරක් ගිහින් තියෙනවා.ඒත් එයාලා ඕකෙ බලන්න දෙන්නෙ කාමර 2යි.පලතුරු කාරිය කනවනම් ඉතින් ඒකෙ store එකෙන් සල්ලි දීල ගත්තොත් තමා.ගිහින් ඇවිත් අපිටත් විස්තරේ කියමුකෝ එහෙනම්

Namal Danushka said... Reply To This Comment

ප්‍රශ්න කාටද නැත්තේ මලයා ..... හැම දේම වෙන්නේ හොදට කියලා හිතන්න මලයා ....හොදට ඉගෙන ගන්න .. හැමදේම හරි යාවි....

N N K said... Reply To This Comment

ප්‍රශ්න කියන ඒවා කටත් තියනවා මල්ලි එනිසා ඒගැන වැඩිය හිතන්න එපා. ඔය ඉස්සෙල්ල උසස්පෙළ කර ගන්න ඊට පස්සේ ජොබ් එකක් හරි වෙන දෙයක් හරි බලන්න. ප්‍රශ්න නැත්නම් ජිවිතේ රහක් නැලුනේ... ඔයාගේ ප්‍රශ්න ඉක්මනටම හොදින් විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

රාජ් said... Reply To This Comment

අනේ අම්මේ...හිච්චි එකා වෙච්චි උඹටත් තියන පුරස්න. ඔය පිටම පරස්තාවකුත් කොරගත්තනං නරකද?..:P

දේව්දාස් said... Reply To This Comment

දේව්දාස් ට තරම් නම් පිඩියට ප්‍රශ්න නැතුව ඇති... දේව්දාස් ට කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔලුවේ එක ඉලක්කයක් තියෙනවා... එක නිසා වැටෙන්නේ නෑ... පිඩියත් ඉලක්කයක් තියාගෙන වැඩ කටයුතු කලොත් පවුලම ගොඩ දාන්න බැරි වෙන්නේ නෑ... ඔක්කොම වෙන්නේ හොඳට ලු නේ...

දේව්දාස්...

සංකල්ප said... Reply To This Comment

අර කිව්වත් වගේ මටත් ඔය සෙතේම තමයි ලයිට් බිල 1000ක් ආවා කියලා මට ජාලේ සීමා කරන්න කියලා කිව්වා.මාත් මල්ලි වගේ ජොබකට පැනගන්න කියලා බලන්නේ.

ප.ලි. - කලින් ටෙම්ප්ලේට් එක හොයාගත්තේ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද ? පුලුවන් නම් ඩවුන්ලෝඩ් ලින්ක් එක දාන්න.

Anonymous said... Reply To This Comment

ප්‍රශ්න ගැන වැඩිදුර හිතන්න එපා.හොඳට AL කරන්න බලන්න.1993 වසරේදී මම AL ලියන්න මාස 2 කට පෙර අපේ තාත්ත මිය ගියා.කණගාටුව තිබුනත් මම විභාගය ලියුවා.තාත්තා ජීවත් වෙලා හිටියත් මට මහා ලොකු ජයක් නොලැබෙන විත්තිය මම දැනගෙන හිටියේ.ප්‍රතිපල ආවා.doctor කෙනෙක් වෙන්න ලකුණු 100 විතර මඳි වුණා ඒ මදිවට F එකකුත් ලැබිලා ඉතිරිතුන ගොඩ ගිහින් තිබුණා මම ඒ ප්‍රතිපල එක්ක රැකියා හොයාගෙන ගියා.එක ලඟම හෙද, ගුරු,පොලිස් රැකියා අවස්ථා ලැබුණා.මම හොඳයි කියල හිතලා එකක් තොර ගත්තා.එත් ඉතින් ජීවිතය ගොඩ ගියාද කියල මම දන්නේ නැහැ.

Unknown said... Reply To This Comment

අඩේ මේ ඔය බන්ග්ලෝ එකේ හොල්මන් ඉන්න සීන් එක ඇත්තද

මාරයාගේ හෝරාව said... Reply To This Comment

මේ ලිව්ව විදියටනං මං බොහෝම කැමතියි...

Anonymous said... Reply To This Comment

ප්‍රශ්න නැති තැනක ජීවිතේකුත් නෑ මලේ...හැමදේම හොදට විසදෙයි...!!!

෴ වේලාව ලගයි ෴ said... Reply To This Comment

ඔබයි ,මමයි එක බෝට්ටුවේ මමත් එලේවල කොල්ලෙක් තමයි බලමු කරලම ඉස්සරහට යන්න පුළුවන්නම යමු නැත්තනම් ජෝබි කැල්ලකට පනිමු ............

චතුර.... said... Reply To This Comment

ප්‍රශ්න එනකොට කරන තියෙන්නේ ඒක අමතක වෙන විදියේ දෙයක් කරන එක (අපත වැඩක් නැතුව පලක් ඇති ඕනෑම දෙයක්..), විභාගේ නම් හරියට කර ගනින් ගොයියෝ..

කිඩෝ said... Reply To This Comment

මටත් මචං ඔය සෙතේමයි පාඩම් කරන්න හිත යන්නෙම නෑනේ. හෙට විභාගෙ මම මේ පෝස්ට් කියවනවා දැන්නං පාඩම් කරන්න යනවමයි...

වැප් said... Reply To This Comment

A/L ගොඩදාගමු එහෙනම් එච්චර තමයි කියන්නේ

- said... Reply To This Comment

පෝස්ට් එක ගැන

අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න එනවා සහෝ!ඒත් කරන්න ඕන ඒවා විසි කරලා දුවන එක නෙවෙයි ඒවාට සාර්ඔකව මුහුණ දෙන එක.ඔයා ඔයා ගැනම විස්වාසයක් ගොඩනගාගන්න.මට ඕනම දෙයක් පුලුවන් කියලා! ඊට පස්සේ වැඩ ඔක්කෝම ප්ලෑන් එකකට හදා ගන්න.එතකොට පුශ්න වලට මුහුණ දෙනවා කියන්නේ නිකං කජු කනවා වගේ දෙයක්.

බංගලාව ගැන

බලන්න යන්න වටින තැනක්!බැරි ද ඕකේ ඩිරෙක්ෂන්ස් වගේ විස්තර දාලා මෙව්වා එකක් ලියන්න.ඔයි තැන තැන වල ගහන අපි වගේ එවුන්ට හුගාක් ප්‍රයෝජනයිනේ

චතුමිතු said... Reply To This Comment

කිව්වත් වගේ ජිවිතේ පුරස්න නැත්තේ කාටද?? ගිහින් ඇවිල්ලා අපටත් විස්තරේ කියන්නකෝ බලන්න.. අනිත් එක මේ ටෙම්ප්ලෙට් එක කලින් එකට වඩා හොදයි කියලා හිතනවා.. :)

ප්‍රසංග said... Reply To This Comment

ප්‍රශ්න නැත්තෙ කාටද මලයො.... එකක් ඉවරවෙනකොට එකක් නෙව...
විභාගෙ හොඳින් කොරගන්න පුල් ට්‍රයි එක දීපන් පස්සෙ පුළුවන් ජොබ් හොයන්න....
එඩිසන් ගොහිල්ලත් විස්තර කියහන් කෝ....

Amila Chathuranga said... Reply To This Comment

පෝස්ට් 2-3ක් එක උඩ අත ඇරියම හරි අමාරුයි අදහසක් වත් දමන්න..ඒ නිසා වෙන වෙනම දැම්මොත් වටිනව කියල හිතෙන්නෙ...

Post a Comment